ඔස්ට්‍රේලියාව T20 තරගාවලියෙන් ඉවතට

0
3

වසර 17කට පසුව පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකින් පළමු වටයෙන්ම ඉවතට යාමට  ඕස්ට්‍රේලියාවට සිදුවිය.

ඒ අද (17) පැවත්වීමට නියමිතව තිබූ සිම්බාබ්වේ-අයර්ලන්තය අතර තරගය ජය පැරදුමකින් තොරව අතිහිටුවීමට කටයුතු කර තිබීම හේතුවෙනි.

වර්ෂාව හේතුවෙන් අද පල්ලෙකැලේ හිදී පැවැත්වීමට නියමිතව තිබු එම තරගය අත්හිටුවීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, එම කණ්ඩායම් දෙකකටම ප්‍රසාද ලකුණ බැගින් පිරිනැමීමත් සමඟ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here