වර්තමානයේ බොහෝ විට සැමියාත් බිරිඳත් දෙදෙනාම රැකියා වල නියුතු නිසා ඉතාමත් කාර්්‍යය බහුලයි. එනිසාම දුවෙකුයි පුතෙකුයි කියන සංකල්පයට අපි නිරායාසයෙනම නැඹුරු වෙනවා. බොහෝ විට එක දරුවකුට හෝ දරුවන් දෙදෙනෙකුට පමණයි පවුලක ඉඩ කඩ හිමි වෙන්නේ. ඒත් දරුවො කිහිපදෙනෙක් සිටින නිවසක් කොයි තරම් පිරිපුන්ද කියලා මට හිතෙනවා. පහුගිය දවසක යෙහෙළියකගෙ අලුත ඉපදුන දූ පැටියෙක් බලන්න ගියා. අනේ ඉතින් රෝස මලක් වගේ ලස්සන දෝනී පැටියා හරිම ලස්සනයි.
“අපිට නම් දැන් ඉතින් දුවයි පුතයි ඉන්නවා. පුතාල දෙන්නෙක් ඉන්න නිසා හදන්නකො දුවෙක් ”
“ දුවෙක් හදන්න හිතලා තුන්වෙනියත් පුතෙක් වුණොත් ”
“ අයියෝ ඒවට ක්‍රම තියෙනවා මමත් ඒ ක්‍රමයට තමයි දුව හදා ගත්තේ ”
“ ඒ කොහොමද? ”
අපේ සිංහල වෛද්‍යක්‍රමයට අනුව ඉපදෙන්න ඉන්න දරුවාගේ ලිංගික භාවය ඉතා පහසුවෙන් නිශ්චය කරගන්න පුළුවන් ක්‍රම තිබිලා තියෙන බවට මමත් අහලා තියෙනවා. ඒ එක් ක්‍රමයක් තමයි මේ
දරුවකු පිළිසිඳ ගන්නට පෙර දුවෙක්ද පුතෙක්ද කියලා ඔබට තීරණය කරන්න පු`ඵවන් අනිත් ක්‍රමය තමයි චීනයේ පීකිං නුවර රාජකීය පවුලකින් උපුටා ගන්න ලද වගුව. මගේ යෙහෙළියගෙ රහස වුණේ මේ වගුව.
මෙම වගුවෙ හරහට කාන්තාවගේ වයස දක්වා තිබෙනවා. වගුවෙ පහළට ගැබ් ගන්නා මාසය දක්වා තිබෙනවා. ඒ අනුව කාන්තාවගේ වයස 20ක් වන විට ගැබ් ගන්නේ මාර්තු මාසයේ නම් ඇයට උපදින දරුවා ගැහැණු දරුවකු වේ. වයස 20ක් වන විට ගැබ් ගන්නේ මැයි මාසයේ නම් ඇයට උපදින දරුවා පිරිමි දරුවකු වේ. මේ අනුව ඔබේ දරුවා පිරිමි ද, ගැහැණු ද යන්න නිශ්චය කර ගන්නට හැකි වෙනවා. මෙය සියයට අනූ නවයක්ම සාර්ථක ප්‍රතිඵල ලබා දී තිබෙනවාලු. කලින් අත්දැකීම් එක්ක ගලපලා බලන්නකො. මට නම් මේ ක්‍රම දෙකම නිවැරදි වුණා.
Saru FM Media