ඔයාගෙ හම ලස්සනට තියෙනව මෙන්න මෙයා අකමැතියි!

0
12


කාන්තාවො විතරක් නෙවෙයි දැන් කාලෙ ඉන්න පිරිමි පාර්ශ්වය උනත් තමන්ගෙ හම ලස්සනට තියාගන්න හරි ආසයිනෙ. ඉතින් හොඳට හෝදලා කරල. අර ක්‍රීම් මේ ක්‍රීම් ගාලා, අව්වෙ යන්නෙ නැතුව හම ලස්සනට තියාගන්න අපි හැමෝම හරියට මහන්සි වෙනවා.

එච්චර මහන්සි වෙලත් හමේ පොඩි බිබිලක් ආවත් අපේ හිතට අවුල් යනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අන්න ඒ වගේ ඔයාගෙ ලස්සන හමට බාධා එල්ල කරන චර්ම රෝගයක් ගැන තමයි අපි අද කතාකරන්න යන්නෙ.

මේ රෝගයේ නම Melasma. නම නම් ඔයාලට හුරුපුරුදු ඇති. හැබැයි ඇත්තටම මේ චර්ම රෝගය ඇතිවෙන්නෙ කොහොමද කියන එක ගැන දන්නවද?

අන්න ඒ ගැනයි අද මේ ලිපියෙන් අපි ඔයාලා එක්ක කතාකරන්නෙ.

Melasma කියන්නෙ සාමාන්‍යයෙන් මුහුණේ සමේ අඳුරු, දුර්වර්ණ ලප ඇති කරන සුලභ සමේ රෝගයක්. ඒක හානිකර වුණේ නැතත් කෙනෙක්ගෙ ආත්ම විශ්වාසයට ලොකු බලපෑමක් ඇති කරන්න හේතුවෙන්න පුලුවන්. ඉතින් අද මේ ලිපියෙන් Melasma කියන රෝගය, ඒක ඇතිවෙන විදිය වගේම මොන වගේ ප්‍රතිකර්මද මේකට ගන්න පුලුවන් කියන එක අපි ඔයාලා එක්ක කතාකරනවා.

Melasma කියන්නෙ මොකද්ද?

Melasma සමේ අළු හෝ දුඹුරු පැහැ ලප ඇති කරන චර්ම රෝගයක්. බොහෝ විට හිරු එළියට නිරාවරණය වන ස්ථානවල තමයි මේ ලප ඇතිවෙන්නෙ. එය කාන්තාවන් තුළ, විශේෂයෙන් අඳුරු සමේ වර්ණ ඇති අය තුළ බහුලව දක්නට ලැබෙනවා කියල තමයි කියාන්නෙ. ඒ වගේම සමහර විට එය ගර්භණී සමයේදීත් මේක සිදුවෙන්න පුලුවන් සහ ඒ ගර්භණී සමයේදි ඇතිවෙන මේ Melasma තත්ත්වය )Mask of pregnancy” කියල තමයි හඳුන්වන්නෙ.

රෝග ලක්ශණ මොනවද?

Melasma සාමාන්‍යයෙන් මුහුණේ සම ම සමමිතික, අඳුරු පැල්ලම් විදියට තමයි පේන්න ගන්නෙ. මීට අමතරව

කම්මුල්

නළල

නාසයේ දාරය

නිකට වගේ තැන්වලත් මේ පැල්ලම් එන්න ඉඩ තියෙනවා.

සමහර අවස්ථාවලදී, Melasma බෙල්ලේ සහ නළලේත් එන්න ඉඩ තියෙනවා. ඒක වේදනාවක් අරගෙන එන්නෙවත්, වෙන මුකුත් හානියක්වත් කරන්නෙ නැති උනාම කෙනෙක්ගෙ Confidence එකට ලොකු බලපෑම්මක් ඇති කරන්න හේතු වෙනවා.

හේතු සහ Risk Factors මොනවද?

Melasma ඇතිවීමට නිශ්චිත හේතුවක් දන්නෙ නැති උනත් සාධක කිහිපයක් එකතුවෙලා මේ තත්ත්වය් ඇති කරන්න වගේම වැඩි දියුණු කරන්නත් හේතුවක් වෙන්න පුලුවන්. ඒ වගේ සාධක අතර:

හෝමෝන වෙනස්කම් (ගැබ්ගැනීම්, උපත් පාලන පෙති, හෝර්මෝන චිකිත්සාව)

හිරුට නිරාවරණය වීම (UV කිරණ වර්ණක නිපදවන සෛල වලට බලපායි)

ආතතිය

තයිරොයිඩ් රෝගය

අඳුරු සමේ වර්ණ වගේ දේවල් Melasma ඇති කරන්න හේතුවෙනවා.

රෝග විනිශ්චය

චර්ම රෝග විශේෂඥයෙකුට ගොඩක් වෙලාවට දෘශ්‍ය පරීක්ෂණයකින් Melasma හඳුනගන්න පුලුවන්. සමහර අවස්ථාවලදී, එයාලා ඒ වෙනුවෙන් විශේශ ක්‍රම යොදාගන්නවා.

Wood’s Lamp Test: Melasma සමට කෙතරම් ගැඹුරට බලපාන්නේද යන්න පරීක්ෂා කිරීමට භාවිතා කරන ආලෝකයකි.

Biopsy: වෙනත් තත්වයන් බැහැර කර පරීක්ෂා කරන්න යොදාගන්න කුඩා සමේ සාම්පලයක්.

 Treatment මොනවද?

Pregnancy හෝ උපත් පාලන පෙති නිසා ඇතිවන Melasma තත්ත්වයක් නම් ඉබේම කාලයත් එක්ක නැතිවෙලා යන්න ඉඩක් තියෙනවා. හැබැයි මේ රෝග තත්ත්වය දිගටම පවතිනවා නම් ප්‍රතිකාර ගන්න එක Recommend කරන්නම ඕන.

දේශීය ප්රතිකාර

Lightning Cream (හයිඩ්රොක්විනෝන් වැනි)

Tretinoin or corticosteroids



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here