“ආදරේ අංශුවක් මුලු ජීවිතේ හිතෙන දා
සීරුවෙන් මේ හැගුම් හද ගෙත්තමක් මවනවා
ජිවිතේ ඔබ ළගයි හැදින්නේ සිතැත්තී
ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී”
ආදරේ කියන්නෙ හරි ලස්සන හැඟීමක් නේ. ආදරයට වයස් බේදයක්, ආගම් ජාති කුල බේදයක් නෑ කියල අපි කියනවා. ආදරේ හරියට පිච්චමල් වැස්සක් වගේ කියල රිද්ම කියද්දි චන්දන ලියනාරච්චි මහත්තය නම් කියන්නෙ,
“ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැම දෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමයි කියා
හඳුනාගත් කිසිවෙකුත් නැතී” කියලා.
ඉතින් ඇත්තටම මේ ආදරේ මොකද්ද, ආදරේ දැනෙන්නෙ කොහොමද කියන එක හරිම ප්‍රශ්නයක්. ආදරයක් ඇතිවෙන්නෙ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්.
ඊටත් එහා ගිය ලොකුම ප්‍රශ්නයක් තමයි මට මේ පිච්ච මල් වැස්සකින් නෑවෙනව වගේ දැනෙන හැඟීම ආදරේ ද කියල තේරුම් ගන්න එක. ඇත්තටම ආදරේ කරනවා කියල අපි හරියටම තේරුම් ගන්නේ කොහොමද?
සිංදුවක් අහද්දි උනත්, චිත්‍රපටයක් බලද්දි උනත්, තනියම කොහෙ හරි යද්දි උනත්, යාලුවෙක්ගෙ වෙඩින් එකකට ගිහිල්ල “අහ් දැන් ඔයා බඳින්නෙ කවද්ද?” කියල අහද්දි ඔයාට මතක් වෙන්නෙ එයාව නේද? ඔයාට ඕන ඔයාගෙ වර්තමානය, අනාගතය එහෙම නැත්තම් ඔයාගෙ මුලු ලෝකෙම එයා එක්ක බෙදාගන්න.
ඔයා ඔයාගේ අනාගතේ ගැන හිතන හැම දේකදිම ඔයාගෙ එහා පැත්තෙන් එයා හිටගෙන ඉන්නව නේද? එහෙම වෙන්නෙ ඔයාගෙ හිතේ එයා ගැන ආදරයක් තියෙන නිසා. ඔයාට ඕන එයා එක්ක ඔයාගෙ මුලු ලෝකෙම බෙදාගන්න.
තනියෙන් හිටියත්, යාලුවො එක්ක එකට හිටියත් ඔයාගෙ හැම සිතුවිල්ලක්ම ඉවර වෙන්නෙත් පටන් ගන්නෙත් එයාගෙන් නේද?
එයා නැති සිතුවිල්ලක් ඔයාට නෑ නේද? සින්දුවක් අහද්දි ඒ සින්දුවෙ විශුවල් එකේ රඟපාන්නෙ ඔයයි එයයි කියල හිතෙනවා නේද?
මේ තියෙන්නෙ ඔයා කෙනෙක්ට ආදරේ කරන බව හඟවන ලක්ෂණ.
මේක නම් ඉතින් දැනටම අපේ ගොඩක් අය Experience කරල ඇතිනේ. අපි එයාට හිතෙන් කොච්චර ආදරේ කරත්, එයා එක්ක මුලු අනාගතයක්ම හිතෙන් ප්ලෑන් කරල තිබුනත්, ඔය යන එන අතරවාර වල අනිත් අයට දාන්නෙ නැති හිනා කතා එහෙම අපිට දාද්දි උනත් “අනේ එයත් මට ආදරේද?” කියල දැනගන්න කම් ඉතින් හිතට ඉවසිල්ලක් නෑ වගේද?
ආයෙ ඉතින් ශාරුක් ඛාන් ඔයා ඉස්සරහට ඇවිල්ල ආදරෙයි කිව්වත් නිකන් “ශාරුක් ඛාන් මොකෙද්ද?” කියල හිතෙන ලෙවල් එකකින් ඔයා ඉන්නෙ. ඒ කිව්වෙ ඔයාට මේ ලෝකෙ ඉන්න ලස්සනම, හොඳම, ශෝක්ම කොල්ල විදියට පේන්නෙ ඔයා හිතෙන් කැමැත්තෙන් ඉන්න කෙනාව විතරයි.
අනිත් හැමෝම ගැන ඔයා ඉන්නෙ කිසි Interest එකක් නැතුව. ඔයාට එයාලා කොච්චර ලස්සන උනත්, හොඳ උනත් ඔයාට ඒව ඉතින් වැඩක්ම නෑ.
එයා එක්ක තාම කතා කරල තියෙන්නෙ වචනයයි දෙකයි උනාට මොකෝ ඔයා හිතෙන් එයා එක්ක ඉතින් කසාදත් බැඳල ඉවරනේ. ඒ උනාට ඇත්තටම මේ මනුස්සය කොයි වගේද, යාලුවො කවුද, ඉස්කෝලෙ මොකද්ද, ගෙදර ඉන්නෙ කවුද වගේ දේවල් ඉතින් හොයන්න හිතෙනවද?
දැන් නම් ඉතින් ෆේස්බුක් එකේ නම ගැහුවම ඕන කෙනෙක් ඉන්න නිසා ඕව හොයාගන්න ලේසි. ඉතින් ඔයත් දවසට තුන් හතර පාරක් ගිහිල්ලා එයාගේ ෆේස් බුක් එක චෙක් කරනවනම්, එයාගෙ ෆොටෝස් බලනව නම්, එයාට කමෙන්ට් කරල තියෙන්නෙ කවුද කියල වගේ බලනවනම් ඉතින් ඔන්න ඒකත් ඔයා එයාට ආදරෙයි කියල තේරුම් ගන්න පුලුවන් එක විදියක්.
හැබැයි මෙහෙමයි, එහෙම ගිහින් බැලුවට කමක් නෑ. අවුරුදු ගානක් පරණ ෆොටෝ එකක කමෙන් බලන්න ගිහින් වැරදීමකින් කමෙන්ට් එකකට හරි ෆොටෝ එකකට ලයික් එකක් වැටිච්ච දවසක ඕන් කෙල්ලෙ අදාල පුද්ගලය දැන ගනීවි ඔයාගෙ හිතේ තියෙන ඒව
අපිට කෙනෙක්ට ආදරයක් හිතෙන්නෙ අපි එයාව විශ්වාස කරන නිසානෙ. සැකයක් තියෙන කෙනෙක් එක්ක අපි ආදරෙන් බැඳෙන්නෙ නෑනෙ. ඉතින් ඔයාට එයා එක්ක ඔයාගෙ ඕනම දෙයක් බෙදා ගන්න, ඕනම ප්‍රශ්නයක් කියන්න පුලුවන් කමක් එනවා.
තාම දෙන්නට දෙන්න ආදරේ කියා ගත්තෙ නැති උනාට ඉතින් ගෙදර දොරේ ප්‍රශ්න, ජීවිතේ මූණ දෙන දේවල් එයා එක්ක බෙදාගන්නව නම් ඔන්න ඒකත් පොඩ්ඩක් දුර හිතන්න කතාවක්.
ඉතින් මේ වගේ හැඟීම් ඔයාටත් දැනෙනනවම් ඔයා ඉන්නෙ ඒ අදාල කෙනා එක්ක බොහෝ දුරට ආදරයෙන් වෙන්න පුලුවන්.
ඉතින් ආදරේ කියල එයා කියනකම්ම ඉන්න ඕන නෑ. ඇත්තටම ඔයාට හිතෙනවනම් එයා තමයි ඔයාට සුදුසුම කෙනා කියල, ඔයා එයා ලඟ සතුටෙන් ආරක්ෂාවෙන් ඉන්න පුලුවන් කියල හිතෙනවනම් ඉතින් “ආදරෙයි” කියල කිව්වට වරදක් නෑ.
එයත් ඔයාට ආදරේනම් ඉතින් මේ වගේම දේවල් එයාටත් හිතෙනව ඇති. ඕන නම්පොඩ්ඩක් එයාට අඟවන්නත් එක්ක අපේ මේ පෝස්ට් එක ශෙයා කරලා “මේව කියවලවත් තේරෙනවනම් ලොකු දෙයක්” කියල දාලා බලන්නකො!
Saru FM Media