ඔබේ සම පැහැපත් හා දීප්තිමත් කර සම වියපත් වීම වලකන විටමින් වර්ග

0
11


සම පැහැපත් කරගන්න ඔබ බාහිරින් සත්කාර කලත් , වඩාත් ප්‍රතිඵල ගන්න ඔබට පුලුවන් වෙන්නේ ශරීර අභ්‍යන්තරයෙන් ලබාගන්න විටමින් සහ පෝශකයන් වලින්.අද අපි ඔබට කියන්න යන්නේ ශරීරයේ අභ්‍යන්තරයෙන් ලබා ගතයුතු සම පැහැපත් කරන සම වියපත් වීම වලකන විටමින් වර්ග ගැන.

බාහිර සත්කාර වලින් සමට පෝශණයක් ලබා දෙනවා වගේම අභ්‍යන්තරයෙනුත් ඔබේ සමට පෝශණයක් ලබා දීම ඉතා වැදගත්.එමගින් සම පැහැපත් කරනවා වගේම සම වියපත් වීමත් වළක්වනවා.ඒ වගේම සමේ රැළි වැටීම් ,අවපැහැ ගැන්වීම් වගේ දේවලුත් අවම කරනවා.පෝශණ අතිරේක මගින් හෝ ආහාර මගින් ඒ විටමින් ලබාගන්නෙ කොහොමද කියලා දැන් අපි බලමු

විටමින් A නැතිනම් රෙටිනෝල් කියන්නේ ඉතාමත් ප්‍රභල සම වයසට යාම පමා කරන විටමින් වර්ගයක්. විශේෂයෙන්ම සමේ පැහැපත් බව වැඩිකර ගැනීම සදහා සහ සමේ ඇදෙන බව වැඩි කර ගැනීම සදහා විටමින් A වැදගත් වෙනවා. විටමින් A අඩංගු ආලේපන සහ අනෙකුත් රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කරන්න ඕන රාත්‍රී කාලයේදී නින්දට පෙරයි.

තලපත් මාළු

බටර්

චීස්

කැරට්

බතල

නිවිති

පැන්තිනෝල් සහ පැන්තොතෙනික් අම්ල ලෙස විටමින් B5 හදුන්වනු ලබනවා.මෙය සමේ සහ හිසකෙස් වල පෝෂණය සදහා අත්‍යවශම විටමින් වර්ගයක්. විටමින් B5 මගින් සම සිනිදු කරන අතරම සමේ තෙතමනයත් රදවා ගන්නවා. සමේ නැතිනම් මුහුනේ ඇතිවන තුවාළ ඉක්මනින් සුව වීම සදහාද විටමින් B5 වැදගත් වෙනවා. විශේෂයෙන්ම වියළි සහ නිතර කසන හෝ සුළු ආසාධන තත්වයන් ඇති සම සදහා විටමින් B5 ඉතා වැදගත් වෙනවා.

අලිගැටපේර

හතු

බතල

ඇට වර්ග

පරිප්පු

කිරි

බිත්තර

විටමින් C සම පැහැපත් කරන සහ සම දීප්තිමත් කරන ප්‍රධානතම විටමින් වර්ගය ලෙස හඳුන්වන්න පුලුවන්.අදුරු කැලැල් වලට එරෙහිව ක්‍රියා කරන ප්‍රධානතම විටමින වර්ගය ලෙසද විටමින් C සැලකෙනවා.. විටමින් C මගින් කොලැජන් නිශ්පාදනය වැඩි කරන අතර සමේ පැහැපත් බව එකම ආකාරයකින් පවත්වාගෙන යනු ලබනවා.විටමින් සී පෙති සහ පව්ඩර් වශයෙන් වෙළඳසැල්වලින් මිළදී ගන්නට තිබෙන නිසා වෛද්‍ය උපදෙස් මත ඒවා ලබාගන්නට ඔබට පුලුවන්

අඹ

දොඩම්

ස්ට්‍රෝබෙරි

අන්නාසි

මල් ගෝවා

නිවිති

තක්කාලි

ටොකොපීරෝල් නැතිනම් විටමින් E වල ප්‍රති ඔක්සිකාරක සංයෝග රාශියක් අඩංගු වෙනවා. විශේෂයෙන්ම සමේ ඇති අදුරු කැළැල් ඉවත් කර ගැනීම සදහා සහ සමේ වියළි බව නැති කිරීම සදහාද විටමින් E ඉතා වැදගත් වෙනවා. තවද අහිතකර හිරු කිරණ වලින් සමට ඇති බලපෑමද විටමින් E මගින් අවම කරනු ලබනවා. විශේෂයෙන් වයසට යාමේදී සම රැළි වැටීම විටමින් E මගින් අවම කරනු ලබනවා.

අමන්ඩ්

රටකජු

අලිගැටපේර

බටර්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here