ගොඩක් දරුවෝ ගණිත ගැටළු විසදන්න තරමක් දුර්වලයි. එවැනි දරුවන්ට තරම් තර්කන හැකියාව අඩුය. ඇතැම් දරුවන් ගුරවරයා කි සැනින්ම ගැටලුව විසදා පිලිතුරද ලබා ගනී. මෙය දරුවාගේ බුද්ධි මට්ටම අනුව තීරණය වනු ලැබේ. බුද්ධියේ වර්ධනය දුරවලයි නම් දරුවාට ගැටලුව ඉක්මනින්ම විසදීය නොහැකිය.
කුඩා කාලයේ සිටම දරුවන්ට ගැටළු විසදන්න අවස්ථාව ලබා දිය යුතුය. මෙය දරුවාගේ මොලයට හොද ව්‍යායාමයකි. බුද්ධිය ක්‍රියාකාරී වීමට අවශ්‍ය රසායනික සම්ප්‍රේෂණ, රුධිර සැපයුම, මොලය වෙත ගමන් කිරීම ආදී ක්‍රියාවලින් ගණනාවක් ගැටළු විසදීම මගින් සිදු වේ.
පර්යේෂකයින් ප්‍රකාශ කරන්නේ ළමයාගේ බුද්ධිමය පරිසරය සකස් කිරීමට නම් ඉගෙනීම තුළ තර්කානුකුලව සිතිය හැකි ගැටළුවක් තිබිය යුතුය. අලුත් ගැටලුවකට මුහුණ දීමේදී එම ගැටලුව විසදීම සදහා පෙර රැස් කළ මතකයන් අනුව අලුත් ගැටලුව විසදීමට නිරායාසයෙන්ම ප්‍රයෝජනයක් ගන්නවා. මේ නිසා අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නට දරුවා පෙළඹෙනවා.
ගැටළුවක් විසදිමෙන් දරුවන් සතුටක් ලබනවා. වැඩිහිටියෙකුත් වුවත් යම් දෙයක් විසදා ලබන මානසික සතුට ඉහලය. එය දරුවන්ටද පොදුය. එමෙන්ම ගැටළුවක් විසදීමේ අලුත් අදහසක්, නව අත්දැකිමක් එකතු වනු ලබයි. මෙහි පියවර කිහිපයක් පවතී.
උදාහරණ ලෙස: අත්තක් උඩ බුම්මගෙන – කටු රෙද්දක් පොරවාගෙන
කොස් ගෙඩිය
ගසක් උඩ ගෙඩියක්- ගෙඩියක් උඩ ගසක්
අන්නාසි ගෙඩිය
මෙවැනි තේරවිලි ඉදිරිපත් කර එය විසදන්න යැයි දරුවාට යෝජනා කරන්න.
කතාන්දර ඇසීමට දරුවන් ඉතාමත් ප්‍රිය වේ. කතාන්දර ඉදිරිපත් කර අවසානයේ එමගින් ප්‍රශ්න හැකිය. එවිට දරුවා ඔබ ඉදිරිපත් කල ගැටලුව පිලිබදව විස්තර ඔබෙන් අසාවී. දරුවට එහිදී උදව් කරන්න. එමගින් ඔහු පිළිතුර සොයන්න උත්සාහ කරනු ලැබේ.
මෙහිදී දරුවන්ට ඉතා සමීප වස්තුන් යොදා ගන්න. සතුන්ගේ ලෝකයට දරුවන් ඉතාමත් ප්‍රියය. දරුවන්ගේ වයසට අනුකුලව ප්‍රශ්න ඇසීමට සෑම විටම වගබලා ගන්න.
උදාහරණයක් ලෙස:
පත්තර කොළ වලින් බෝට්ටු හදන්න. පොල්කොළ වලින් නිර්මාණ දරුවා ලවා සිදු කරවන්න. මෙහිදී දරුවා සිදු කරන වැඩ වලට ඔබ මැදිහත් වන්න එපා. ඔහුට එය සිදු කරන්න අපහසු නම් ඊට උපදෙස් ලබා දෙන්න. මෙමගින් දරුවාගේ නිර්මාණාත්මක ශක්තිය වැඩි දියුණු වනු ලැබේ.
ඔබේ නිවසේ සිදු කරනු ලබන ක්‍රියාකාරකම් වලටද දරුවා සහභාගී කර ගන්න. ඔහුට එම වැඩ පවරන්න. දරුවා සමග වැඩ කරන විට ඔබට දරුවාගෙන් ප්‍රශ්න ඇසිය හැකිය. දරුවාට ලබා දෙන ගැටළු ඔහුට මානසික වදයක් නොවිය යුතුය. එසේ වුවහොත් එය නීරස වනු ඇත.
සෑමවිටම ඔබ දරුවාට ගැටළු ලබා දෙන විට දරුවාගේ වයස් මට්ටම පිලිබදව සැලකිලිමත් වන්න. අවුරුදු 06 දරුවෙකු සහ අවුරුදු 10ක් දරුවෙකුගේ බුද්ධි මට්ටම වෙනස්ය. ඒ නිසා ඒ පිලිබදව සැලකිලිමත් වෙමින් ගැටළු ලබා දෙන්න.
Saru FM Media