මාතෘකාව දුටු සැනින් මුවගට සිනහා නැගුණේ නුබේ දඟයා මතක් වීද? ඇතැම් විට පොත් මග හරිනා චූටි පැටියා නිසා ඔබ විඩාපත් වෙලාද? මගේ බොහෝ යෙහෙළියන්ගේ මැසවිල්ලද පොත් නොබලනා දරුවන් ගැන වේ.
කුඩා විශිෂ්ට කියවන්නකු, නුඹට අවැසි නම් පහත කරුණු අනුගමනය කල හැක.
බොහෝ දෙමව්පියන් දරුවන්ට ඉතා මිල අධික සෙල්ලම් බඩු ලබා දී ලාබ පොත් ගෙනවිත් දෙනු මා අත් දැක ඇත. නමුත් කුඩා අවදියේදී පොත් සමඟ මනා සබඳතාවයක් පෙන්වන දරුවන් තුල කියවීම පිලිබඳ යහපත් හැඟීම් ජනිත වේ. එමගින් දරුවා වර්ධනය වීමේදී කියවීම පුරුද්දක් බවට පත් වෙයි.
ඉතින් ඔබගේ දරුවාට වටිනා පොත් කට්ටලයක් තෑගි දීමටත් ඔබගේ කාලයෙන් මදවේලාවක් දීමටත් මැලි නොවන්න….
Saru FM Media