රැවටිලිකාර පෙම්වතෙක් එක්ක ඉන්න කිසිම පෙම්වතියක් කැමති නෑ. කොහොමද ඔබේ පෙම්වතා ඔබව රවටනවාද කියලා දැනගන්නේ? මේ ලිපියෙන් ඔබට ඒ ගැන අදහසක් ලබා ගන්න පුලුවන් වේවි..
ප්‍රේම සබඳතාවයකදි තමන්ගෙ පෙම්වතා තමන්ට ඇත්තටම ආදරය කරනවද එහෙම නැත්තම් රවට්ටනවද කියලා දැනගන්න එක ගොඩක් වටිනවා. අපි අද ඔබට කියන්න යන්නේ ඔබේ පෙම්වතා ඔබව රවට්ටනවද කියලා ඔබට ලේසියෙන්ම දැනගන්න පුලුවන් කාරණා 08 ක් ගැනයි.
සමහර පෙම්වතුන් ඉන්නවා බාහිර ආකර්ෂණයට විතරක් පෙම්වතියන් ඇසුරු කරන. එහෙම පෙම්වතෙක්ගෙන් දකින්න ලැබෙන ලොකුම ලක්ශනය තමයි ඔහු කිසිම වෙලාවක ජීවිතේ ගැන ,අනාගතේ ගැන ඔබ එක්ක අදහස් බෙදා නොගැනීම.මුණගැහෙන වෙලාවට කොහෙ හරි යන්න ,ආශ්‍රය කරන්න ,කාලය ගත කරන්න විතරක් ඔහු උනන්දු වෙනවා.නිකමට හරි ඔබ ඒ ගැන අහනවා නම් ” දැන්ම ඕවා ගැන හිතන්න ඕන නෑ , ඕවට තව කල් තියනවා , දැන් අපි life එක enjoy කරමු ” වගේ පිලිතුරු ඔබට ලැබෙනවා.
ඒ වගේම ඔබ එක්ක දුක සැප බෙදාගන්නේ නැත්තම් , ඔබ දෙදෙනාගේ දේවල් ගැඹුරින් සාකාච්ඡා කරන්නේ නැත්තම් ,සබඳතාවයට සාධාරණ කාලයක් ගතවුනාට පස්සෙත් ජීවිතේ ගැන සැලසුම් නොකරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නෙ ඔහු ඔබ දෙදෙනාගේ සබඳතාවය ගැන ඒ තරම් ගැඹුරින් හිතන්නේ නෑ කියලයි.
ඔහු නිතරම උත්සහ කරනවා හුදෙකලා තැන් වලදි විතරක් ඔබව මුණගැහෙන්න ඔබ ඒක හිතන්නම ඕන දෙයක්.ඕනෑම පෙම්වතියක් කැමතියි තමන්ව අන් අයට හඳුන්වා දෙන පෙම්වතෙකුට.ඒකෙන් ඔහු ගැන තියන විශ්වාසය වැඩි වෙනවා වගේම සුරක්ශිත භාවයකුත් පෙම්වතියට දැනෙනවා. ඒත් ඔබේ පෙම්වතා ඔහුගේ ගෙදර අයට හෝ මිතුරන්ට , කාර්‍යාලයේ අයට ඔබව හඳුන්වා දෙන්න පැකිලෙනවා නම් ඔහුගෙන් ඒ ගැන අහන්න. විශේශයෙන්ම ඔබ දෙදෙනාගේ සබඳතාවයට කලක් ගතවූ පසුත් ඔහු ඔබව දෙමව්පියන් වෙත හඳුන්වා නොදෙන්නේ නම්,ඒකට විවිධ හේතු කියමින් මග අරිනවා නම් ඔබ සැලකිලිමත් වෙන්න
ඔබ විවාහය ගැන කතා කරන විට ” අපෝ කසාද බඳින්නම ඕනද , පොතේ අත්සන් කරන එකද ආදරේ කියන්නෙ? ,ඇයි ඔයාට මාව විශ්වාස නැද්ද, වෙඩින් ගන්න තරම් තාම සල්ලි නෑ ” වගේ පිළිතුරු ඔහුගෙන් ලැබෙනවා නම් ඔබ විශේශයෙන්ම ඒ ගැන හිතන්න.
ඔබේ පෙම්වතා හිටි හැටියේම වෙනදාට වඩා ඔහුගෙ පෙනුම ගැන සැලකිලිමත් වෙනවා නම් ඔබ ඒ ගැන අවධානය යොමු කරන්න ඕන.අධික සුවඳ විලවුන් භාවිතය , නිතර අලුත් ඇඳුම් ඇඳීම , කොන්ඩ මෝස්තර ගැන වද වීම වගේ දේවල් ඔහු කරනවා නම් එය ඔහු යමෙකුට ,වඩාත් ආකර්ශනීය ලෙස පෙනී ඉන්න දරන උත්සහයක ලකුණක් වෙන්න පුලුවන්
ඔබේ පෙම්වතා වෙනදාට වඩා වැඩියෙන් දුරකථනය පාවිච්චි කරනවා නම්,ඔබව මුණගැහෙන අවස්ථා වලටත් දුරකථනය අතේ තියාගෙන එය වරින් වර බලනවා නම් එයත් ඔබ හිතන්න ඕන කාරණාවක්.ඒ වගේම දීර්ඝ ඇමතුම් , රාත්‍රියේදි කාර්‍යාල වැඩ වලට පැමිනෙනවා කියන ඇමතුම් ගැනත් ඔබ් සැලකිලිමත් වෙන්න ඕන. විශේශයෙන්ම හිටි හැටියේ ඔහුගේ දුරකථනයට කලින් නොතිබූ මුර පදයක් දමා ඇත්නම් ඒ ගැනත් සොයා බලන්න.
ඔබව මුණගැහෙන්න හිටපු වෙලාවක හදිස්සියේ කාර්‍යබහුල වීම , හදිසි කාර්‍යාල කටයුතු යෙදීම වගේ දේවල් බොහෝ විට නිදහසට කාරණාවක්. ඔබට ඇමතුමක් ගැනීමට ,මුණගැසීමට හෝ ඔබ වෙනුවෙන් කාලය වෙන් කිරීම මග ඇරීමට ඔහු යොදා ගන්න උපක්‍රමයක්. ඇත්තටම ඔහු කාර්‍යබහුලද එහෙම නැත්තම් නිදහසට කාරණාවක් ලෙස එසේ කියනවාද කියා සොයා බැලීමට ඔබ සැලකිලිමත් විය යුතුයි.එසේ කාර්‍යබහුල වෙන ඔහු යම් අවශ්‍යතා ඉටු කරගැනීමට පමණක් ඔබව මුණගැහෙන්න උත්සහ කරනවාදැයි ඔබ කල්පනාකාරි වෙන්න
වෙනදාට වඩා ඔහු ඔබ එක්ක කේන්ති ගන්නවා නම් , ඔබ කියන කරන දේවල් ගැන වැරදි අඩුපාඩුම දකිනවා නම්, ඔබ අඳින ඇඳුම් පැළඳුම් වල,ඔබේ හැසිරීමෙ අඩුපාඩු කියනවා නම්, කොටින්ම ඔබ ඔහු ගැන සොයා බැලීම ගැන ඔබට දොස් නගනවා නම් හෝ ඔබ යම් දෙයක් ගැන ඔහුගෙන් ප්‍රශ්න කරනවිට ඔහු එය මග හරිනවා නම් එය ඒතරම් හොඳ වෙන්නෙ නෑ.ඔහුගේ ප්‍රමාදයට හේතුව , ඔහුගෙ වෙනදා නොතිබූ කාර්‍යබහුලත්වය හේතුව ගැන විමසූ විට ලැබෙන්නෙ අපැහැදිලි පිලිතුරු සමඟ ප්‍රශ්නය මග හැරිම නම් එය එතරම්ම හොඳ ලක්ශණයක් නෙමෙයි. ඔහුගේ ඒ නොරිස්සුම් සහගත බව ඇතුලේ ඔබට යම් පණිවිඩයක් තියෙන්නට පුලුවන්
සාමාන්‍යයෙන් ඔබ ඔහුගෙ දන්නා කාලසටහන සහ වැඩපිලිවෙලට වඩා ,වෙනස් කාලසටහකට ඔහු හැඩගැහිලා නම් ඒ ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕන. හදිසි රැස්වීම් තිබූ බව , වාහන තදබදයකට හසුවූ බව , දුරකතනය චාජ් කරගැනීමට නොහැකි වූ බව , ප්‍රමාද වී මුණගැසීමට පැමිනීම වගේ දේවල් ඔහු කරනවා නම් ඒ ගැන සොයා බැලීම නුවණට හුරුයි
මේ ලක්ශන ඔබේ පෙම්වතාගෙන් දකින්න තියනවා නම් ඔබ ඒවා ගැන සැලකිලිමත් වෙන්න ඕන.හැබැයි ඔහු ගැන අනවශ්‍ය ලෙස සැක කරන්න ගියොත් ,ඔහුගෙන් ඕනෑවට වඩා ප්‍රශ්න කරන්න ගියොත් නම් ඔබට නැති ප්‍රශ්න ඇති වෙන්න පුලුවන් .ඒ නිසා බොහොම ඉවසීමෙන් සහ කල්පනාකාරීව මේවා ගැන සැලකිලිමත් වෙන්න ඔබ බුද්ධිමත් වෙන්න ඕන. ඔබව අපහසුතාවයට පත් කරන මෙවැනි හැසිරීම් පෙම්වතා තුලින් නිතරම දකින්න ලැබෙනවා නම්, ඒතුලින් වේදනාවක් ඔබ අත්විදිනවා නම් විවෘත මනසකින් මේ දේවල් ගැන හිතන්න. මෙවැනි සබඳතාවක් පවත්වා ගෙන යාමේ වැදගත්කම ඔබම තීරණය කරන්න.
Saru FM Media