ලොකු මහත් වුනත් සමහර දරුවන්ට තමන්ගේ පුද්ගලික සෞඛ්‍යය ගැන නොසලකා සිටින්නේ බාල කාලයේ පටන් පුරුද්දක් නොතිබීම නිසයි. ඒ වුනත් මව්පියන් විදිහට ඔබ බාල කාලයේ පටන්ම දරුවන්ට සෞඛ්‍ය පුරුදු පුහුනු කිරීම ඉතාම වැදගත්. මේ වෙනුවෙන් හොඳම වයස විදිහට සැලකෙන්නේ වයස අවුරුදු තුනක් වැනි කාලයක්. එහෙම නම් ඔබ බාල කාලයේ පටන්ම දරුවාට පුරුදු කළ යුතු සෞඛ්‍ය පුරුදු මොනවාද ? …
කුඩා දරුවන් නෑමට කම්මැලි වුනත් ඔවුන් වෙනුවෙන් බාල කාලයේ පටන් සෞඛ්‍ය පුරුදු වගා කිරීම අවශ්‍යයි. දුව පැන නටමින් වැලි දූවිලි අනන ඔවුන් පිරිසිදු නොවුනහොත් අපහසුතාවයන් ඇති වෙනවා පමණක් නොව විවිධ රෝගාබාධයන්ටත් ගොදුරු විය හැකියි. මේ නිසා දරුවන්ට නමට මෙන්ම සිරුර සෝදා පිරිසිදුව සිටීමට බාල කාලයේ පටන්ම කියා දීම ඉතාම වැදගත්.
වයස අවුරුදු හත අට වුනත් ඇතැම් දරුවන්ට තමන්ගේ නාසය පිරිසිදුව තබා ගැනීමටවත් දැනුම් තේරුම් නැහැ. නාසය අපිරිසිදුව තබා ගත් විට සමාජය ඔබේ දරුවා පිලිකුල් කරනවා.පංතියක වුනත් නාසය අපිරිසිදුව තබා ගත් විට ගුරුවරුන් පවා දරුවන්ට දොස් නගනවා. ඇත්තටම අපිරිසිදු නාසය සහිත පුද්ගලයෙක් ගැන ඇති වෙන්නේ පිලිකුලක්. මේ නිසාම කුඩා කාලයේ පටන් දරුවාට නාසය පිරිසිදුව තබා ගැනීමට උපදෙස් දෙන්න.
ඒක ඇත්ත. ඒ වුනත් ඔබ දරුවාට නිතරම ලේන්සුවක් පාවිච්චි කිරීමට උපදෙස් දෙන්න. පාසල් යන දරුවාට නොවරදවාම ලේන්සුවක් ලබා දන්න. අද බොහෝ මව්පියන් තෙතමන කඩදාසි පාවිච්චි කළත් සෙම්ප්‍රතිශයාව වැනි අවස්ථාවකදී ලේන්සුවෙන් ලැබෙන පහසුව තෙතමන කඩදාසියෙන් ලැබෙන්නේ නැහැ.
එක්තරා වෛද්‍යවරයෙක් තමාගේ කාමරයේ රෝගීන්ට ලබා දුන් අවවාදයක් විදිහට සටහන් කර තිබුනේ කට වසා ගෙන හෝ ලේන්සුවකින් ආවරනය කර ගෙන කහින්න යනුවෙනුයි. මෙය දරුවන්ට පමණක් සීමා වූ අවවාදයක් නොවීය. එයින් පෙනෙන්නේ බොහෝ උදවිය වැඩිමහල් වුනත් කිවිසුමක්, කැස්සක් ඇති විටෙක හැසිරෙන ආකාරය ගැන ඇති නොදැණුවත් බවයි. මේ නිසා දරුවාට බාල කාලයේ පටන්ම මෙම සෞඛ්‍ය පුරුදු කියා දෙන්න.
ආහාරයක් දැක්ක ගමන් එයට ඔට්ටු වෙනවාට වඩා අත සෝදා ගෙන ආහාර ගැනීමට දරුවා යොමු කිරීම ඉතා වැදගත්. පාසලේදී අත් සේදීමට අපහසු නිසා අනිවාර්යෙන්ම හැන්දක් සහ ගෑරුප්පුවක් දරුවාට ලබා දෙන්න. එවිට අත් දේසීමට අවස්ථාවක් නොමැති විටෙක වුනත් පිරිසිදුව ආහාර ගැනීමේ හැකියාව ලැබෙනවා. අපිරිසිදු අත් වලින් ආහාර අනුභව කිරීම ජීරණ පද්ධතිය ආශ්‍රිත බොහෝ රෝගාබාධයන්ට මග කියනු ඇති. ඇත්තටම ඔබ දරුවන් සමග වමනය, බඩ රිදුම, අජීර්ණය, පාචනය වැනි රෝගාබාධ වෙනුවෙන් නිරන්තරව වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු වෙනු ඇත.
පිරිසිදු ලෙස ඇදුම් ඇඳීම ඉතා හොඳ සෞඛ්‍ය පුරුද්දක්. ඇදුම පිලිවෙලට ඇඳීම මෙන්ම පිරිසිදුව සිටීමට මව්පියන් විසින් ඔවුන් යොමු කිරීම ඉතා වැදගත්. මෙහිදී වඩාත් අවදානයක් යොමු කළ යුත්තේ යට ඇදුම් වෙනුවෙනුයි. බොහෝ දරුවන් විටින් විට උඩ ඇදුම මාරු කළත් යට ඇදුම් වෙනස් කිරීමට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා අපිරිසිදු යට ඇදුම් නිසා ගැහැණු දරුවන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයන් පවා ඇති විය හැකියි. වැඩිවිය පත් ගැහැණු දරුවන් අතර යට ඇද්ම වගේම සනීපාරක්ෂක තුවා පිරිසුදුව පාවිච්චි කිරීම සහ බැහැර කිරීම ගැන අම්මා විසින් ලබා දෙන දැණුවත් බව ඉතාම වැදගත් විය හැකියි.
ඇතැම් දරුවන් මල් වගේ ලස්සනයි. ඒ වගේම මතුපිටින් ඉතාම පිලිවෙලට අදින පළදින බව පෙනුනත් ඔවුන්ගේ නියපොතු බෙහෙවින් අපිරිසිදු විය හැකියි. ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයන්ට නියපොතුවලින් විෂබීජ ඇතුලු විය හැකියි. ඇගිලි කටේ දමා ගැනීම, ඉරීම වැනි ඉරියව් නිසා විෂබීජ ශරීරගත විය හැකියි. ඒ නිසා දෙමව්පියන් විදිහට දරුවාගේ ඇගිලිවල නිය ගැන සැලකිලිමත් වෙන්න. ඔවුන් නියපොතු හපන පුරුද්දෙන් මුදවා ගන්න.
වැසිකිලි යෑමෙන් පසුව අත් සෝදා ගැනීමට වගේම දිනපතා පාසලට ඇතුළු වෙන දරුවන්ට තනියම වැසිකිලි යෑමෙන් පසුව පිරිසිදු කර ගැනීමේ පුරුදු කියා දෙන්න. බොහෝ දරුවන් වයස අවුරුදු හත , අට වුනත් තනිවම සෝදා පිරිසිදු කර ගැනීමේ නොහැකියාව නිසා ඉතා අසරණ වෙන අවස්තාවන් ඇත. ගුරුවරුන්ට පවා මෙම කටයුතු අසිරු වෙන නිසා ඔබ දිනපතා පාසල් යන දරුවාට වැසිකිලි යෑමෙන් පසුව තනිවම සෝදා ගැනීම සහ වැසිකිලියට වතුර යොදන පිලිවෙත් හුරු කරන්න. විවිධ වැසිකිලි වර්ග ඇති නිසා හැම වැසිකිලියකට ගැලපෙන සේ එම කටයුතු කර ගැනීමටත් උපදෙස් ලබා දෙන්න.
ඔබේ දරුවා අද ඔබ තුරුලේ කෙලි දෙලෙන් සුරතල්ව කාලය ගතකළත් ඔවුන් හෙ දිනයේ සමාජය සමග ගැටෙන චරිත බවට පත් වෙනු ඇත. එවන් අවස්තාවන්හිදී දරුවා සමාජයට පිලිකුල් වුනොත් එයින් දරුවා ඉතාම අසරණ තත්වයට පත් වීම සාධාරණය.
“අනේ හරිම අපිරිසිදුයි….” යන චෝදනාවෙන් ඔබේ දරුවා නිදහස් වෙනු ඇත.
Saru FM Media