ඔබත් තරමක් මහත යුවතියක් නම් ඇඳුමක් තෝරා ගන්න කලින් කියවන්න

0
20


සිරුර මහතින් වැඩි කාන්තාවන් සහ යුවතියන් සමහර වෙලාවට කියන කතාවක් තමයි “මොන ඇඳුම ඇන්දත් අපි ලස්සන නෑනේ” කියන එක..

ඒත් ඔබ වැරදියි..

සිරුරට ගැලපෙන විලාසිතා තෝරා ගන්න ඔබ දන්නවා නම් ඔබ බොහොම හැඩවැඩ කෙල්ලක් වෙලා පෙනෙන බව අමතක කරන්න එපා.

මේ ඔබ හැඩ කරන්න සමත් විලාසිතා තෝරා ගන්න උදව් කරන ටිප්ස් කිහිපයක්.

1. ඔබේ සමේ පැහැය හුඟක් අඩු නැත්නම් හැම විටම තද පැහැති ඇඳුම් තෝරා ගන්න. කළු, තද නිල්, කාකි පැහැය ඔබට හොඳ පෙනුමක් එක් කරාවි. ඒ වගේම උඩු කය සහ යටි කයට හැම වෙලාවකම වෙනස් වර්ණ තෝරා ගන්න.

2. සිරස් ඉරි සහ රටා ඇති ඇඳුම් ඔබට ඉතා හොඳින් ගැලපෙනවා. විශාල මල් මෝස්තර සහිත ඇඳුම් තෝරා ගන්න එපා. කුඩා තිත් සහිත විලාසිතා තමයි ඔබට ගැලපෙන්නේ.පෙන්සිල් කට් විලාසිතා සහිත සායවල් වලින් උස වැඩි කර පෙන්වා ඔබේ සිරුරේ මහත ගතිය අඩුව පෙන්වාවි.

3. ඉතා විශාල ආභරණත් ඔබට ඒ තරම් සුදුසු නෑ. මධ්‍යම ප්‍රමාණයේ ආභරණ පළඳින්න.

4. හීල්ස් දමනවා නම් අඩිය මහත හීල් එකක් නොව සිහින් හීල් එකක් තෝරා ගන්න. මහත සිරුරක් තිබීම ඔබට කිසිසේත්ම අඩි උස සපත්තු හෝ සෙරෙප්පු පැලදීමට බාධාවක් යැයි සිතන්න එපා.

5. කොණ්ඩය පුම්බා බඳින්න එපා.. කඩා දමා හෝ සාමාන්‍ය පෝනි ටේල් එකක් දමන්න.

6. වී හැඩයේ කර සහිත ටී ෂර්ට් සහ බ්ලවුස් මහත යුවතියන්ට සුදුසුයි. මුහුණ හා පපුව අතර ඇති ඉඩ නිරාවරණය වීමෙන් යම් උස පෙනුමක් ඔබට ලැබෙනවා. අත් කොට ඇඳුම් වලට වඩා දිග අත් ඇති ඇඳුම් තෝරා ගන්න.

7. ඇඟට වඩා විශාල කලිසම්, බාච්චු ටී ෂර්ට් ආදියත් තෝරා ගන්න එපා.. ලෙගින් කලිසම් සහ කුර්තා විලාසිතා ඔබට වඩා ලස්සන පෙනුමක් ලබා දිය හැකි විලාසිතා යි.

8. ඒ වගේම සිරුරේ හැඩයට හානි නොකරන යට ඇඳුම් තෝරා ගන්න. පපුවේ හැඩයට හානි කරන යට ඇඳුම් නිසා ඔබේ මහත පෙනුම තවත් වැඩිවී පෙනෙන අවස්ථා තිබෙනවා.

මහත සිරුරක් ලැබීම ඔබ කැතයි කියා ඔබ අවතක්සේරුවට ලක් කරගැනීමට හේතුවක් නෙවෙයි. හරි විදියට විලාසිතා කරනවා නම් ඔබත් ඉතා ලස්සන යුවතියක් බව අමතක කරන්න එපා.

සෑම මලකටම අනන්‍ය ලස්සනක් තිබෙනවා. එය සිහි තබා ගන්න.

-නිබන්ධිකා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here