ඔබටත් වෙලාව මදිද?

0
10


වෙලාව මදිවීම අද සමාජයේ බොහෝ දෙනෙකුට තියෙන විශාල ප‍්‍රශ්නයක්. කාන්තාවන්ට මේ ප‍්‍රශ්නය කතාකරන්නවත් වෙලාවක් නැති තරම්. හැම පැයකට ම විනාඩි හැටක් තියෙනවා. හැම දවසකට ම පැය විසි හතරක් තියෙනවා. හැම සතියකට ම ඒ වගේ දවස් 7ක් තියෙනවා. ඒ කියන්නෙ පැය 168ක්. ඒත් අපට වෙලාව මදි වෙන්නෙ කොහොමද?

එක එක කාන්තාවන්ගෙ දෛනික ජීවිත රටාව සමාන නැහැ. රැකියාවක් කරන කාන්තාවකට දවස පටන්ගන්න වෙන්නෙ අනිත් අයට වඩා ටිකක් කලින්. ඇය ගෘහනියක් පමණක් නොවන නිසා ඇගේ දවස කාර්යබහුලබවින් වැඩියි. ඇය මවක් නම්, මේ තත්වය ඊටත් වඩා වෙනස්. දරුවන් උදෑසන අවදි කිරීම, ඔවුන් පාසල් යන වයසේ අය නම් ඔවුන් අවදි කොට ඒ සඳහා සූදානම් කරවීම, ඇතුළු අමතර කාර්යයන් රැුසක් ඇගේ වැඩ ලයිස්තුවට එකතු වෙලා ඇති.

වැඩ කළත් නොකළත්, අපි කැමති වුණත් නැති වුණත් කාලය ගත වෙන එක නතර කරන්න කාටවත් බැහැ. ඒත් අපි හැම කෙනෙකුට ම දවස සැලසුම් කරගන්න පුළුවනි. සතිය සැලසුම් කරගන්න පුළුවනි.

සමහර සැලසුම් හදිසි හේතු මත නොවැළැක්විය හැකි අවස්ථාවලදි වෙනස් වෙන්න ඉඩ තියෙන බව ඇත්ත. ඒත් හැම කටයුත්තකට ම වෙලාව මදි, වෙලාව මදි කියල පසුතැවෙන්න වෙනවනම්, ඒක ඔබේ ශාරීරික සෞඛ්‍යයටවත් මානසික සෞඛ්‍යයටවත් හොඳ තත්වයක් නම් නෙවෙයි. වෙලාව එහෙමත් නැත්නම් කාලය කියන්නෙ නාස්ති වෙන්න දෙන්න බැරි ඉතිරි කරගන්නත් බැරි වැය කරන්න සිදුවෙන වියදමක්. වෙලාව මදි කියමින් පසුතැවෙන අතරතුර ගතවෙන හැම තත්පරයක් ම පවා ඉතා වටිනා බව ඔබ මොහොතකටවත් හිතුවාද? බොහෝ කාන්තාවන්ට වෙලාව මදිකම මානසික පීඩනයක් ගෙන දෙන කාරණයක් බවට පත් වෙලා තියෙන්නෙ කාලයේ ඒ සියුම් වටිනාකම ගැන හිතනවා මදි නිසා වෙන්නත් පුළුවන්.

කාල කළමනාකරණය තවමත් ඔබට ගැටළුවක් නම් මේ පුංචි උපක‍්‍රම ටික හුරු කරගන්න පුළුවන්ද බලන්න.
ඔබේ වැඩකටයුතු සැලසුම් කරගන්න. මෙය ඔබ හිතන තරම් සංකීර්ණ කටයුත්තක් නොවෙයි. දෛනිකව, සතිපතා, මාසිකව ඔබට කරන්නට සිදුවන නිත්‍ය වැඩ ලයිස්තුගත කරගන්න. ඒවායින් ප‍්‍රමුඛත්වය දිය යුතු වැඩකටයුතු වෙනම හඳුනාගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here