ඔබටත් ගෑස්ට්‍රයිටිස් ද?

0
13


ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න හේතු කීපයක්ම බලපානවා. ක්‍රමවත් ආහාර රටාවක් නැති වීම,  ක්ශණික ආහාර වලට හුරු වීම, ප්‍රමාණවත් ලෙස ආහාර නොගැනීම, ගන්නා ආහාර හොඳින් සැපීමක් නොකර කලබලයට ගිල දැමීම, අධික මත් පැන් පානය, නිතර වමනය කිරීම, ඇතැම් බෙහෙත් වර්ග, මානසික පීඩනය වගේ හේතු නිසා ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. කුමන හේතුවක් නිසා ඔබට මේ රෝගී තත්ත්වය ඇති වී ඇතිදැයි දැනගන්න ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මීට අමතරව පහත හේතු නිසාත් ඔබට මේ ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්.

බැක්ටීරියාමය තත්ත්වය – Helicobacter

Pylori කියන ඒක සෛල බැක්ටීරියාව හේතුවෙන් ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වෙන්න පුළුවන්.

පිත ප්‍රතිවාහය

ආහාර ජීරණය පහසු කරවීමට ආමාශගතව ඇති පිත ආපස්සට ඒම නිසා ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති විය හැකියි.

බැක්ටීරියා සහ වෛරස් ආසාදන නිසාද ගැස්ට්‍රයිටිස් ඇති විය හැකියි.

බඩේ වේදනාවක්, බඩ පුරවා දැමීමක්, වමනය තත්ත්වයක්, නිතර ගුඩුස් යෑම, පපුව ආශ්‍රිත වේදනාව, බඩ දැවිල්ල, අජීරණය, හිස රදය සහ අම්ල රසට උගුරට ඒම ගැස්ට්‍රයිටිස් වල බහුලම රෝග ලක්ෂණයි. බොහෝ දෙනෙක් ගැස්ට්‍රයිටිස් වලට එන පපුව ආශ්‍රිත වේදනාව හදවත් රෝගී තත්ත්වයක් යැයි වරදවා වටහා ගන්න අවස්ථා ද තියෙනවා. වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වන්නේ මේ නිසයි.

යම් ආහාර පුරුදු වෙනස් කර ගැනීමෙන් ඔබට ගැස්ට්‍රයිටිස් රෝගයෙන් සහනයක් ලබාගන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් රෝගය ඔබට ඇති වෙන්නට බලපාන හේතු විවිධාකාර නිසා ඇතමුන්ට කිරි ආහාර එහෙමත් නැත්නම් ලැක්ටෝස් අඩංගු ආහාර ගැනීමෙන් ගැස්ට්‍රයිටිස් තත්ත්වය අඩු වෙන්නත් ඇතමුන්ට වැඩි වෙන්නත් හේතු වෙන්න පුළුවන්. මේ නිසා ඔබට කිරි සහිත ආහාර ගැනීමේදි අපහසුතා ඇති වෙනවාද නැද්ද යන්න ගැන මුලින්ම සැලකිලිමත් වෙන්න.
ආහාර පාලනයට අමතරව මානසික සුවතාවය පවත්වා ගැනීමත් ඉතාම වැදගත්.

 

මෙන්න මේ දේවල් නවත්තලා දාන එකත් කළ යුතුමයි.

ඉක්මණින් කෑම – ගන්නා ආහාර හොඳින් සැපීමෙන් තොරව ගිලින්න එපා. ඒවා දිරවීමට වැඩි කාලයක් ගතවීම සහ අපහසු වීම ආමාශයේ ආම්ලික බව වැඩි කිරීමට හේතු වෙනවා.

ආහාර වේල් මග හැරීම – විශේෂයෙන්ම උදෑසන ආහාර වේල ඉතා වැදගත්. ප්‍රධාන ආහාර වේල් තුන අවම පැය 6ක පරතරයෙන්වත් ලබාගන්න ඕනෙ.

චුයින්ගම් සහ බබල්ගම් සැපීම – ගැස්ට්‍රයිටිස් වලට ඉතාම අහිතකර පුරුද්දක්. චුයින්ගම් හෝ බබල්ගම් සැපීමෙන් ඛේඨ ග්‍රන්ථි ක්‍රියාත්මක වී එමඟින් මොළයට යවන සංඥා මඟින් ආහාර දිරවීමට අවශ්‍ය අම්ලය ආමාශයේ නිපදවීමක් සිදු කරනවා. නමුත් එය ව්‍යාජ සංඥාවක් නිසා නිපදවෙන අම්ල නිසා ආමාශයේ තුවාල ඇති විය හැකියි.

පමණට වඩා ආහාර ගැනීම – දිරවා ගැනීමට අපහසු වන තරම් විශාල ආහාර ප්‍රමණයක් ගැනීමත් කිසිසේත්ම ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයට සුදුසු නැහැ.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here