ඔබ දෙදෙනා අතර ඇතිවන පුංචි අමනාපකම් දුර දිග යන්න කලින් විසඳා ගන්න කරුණු 5 ක්

0
14


සමහර ආවේග පුපුරා යන්නේ අපිටත් නොදැනී. පවුලක් ලෙස ජීවිතය ගෙවන විට ආදරය වගේම ගැටලුත් ඕනෑතරම් හමු වෙනවා. සමහර ප්‍රශ්න රණ්ඩු නොවී විසඳා ගන්නත් හැකියාවක් නැහැ.

හරි..

දැන් ගිය දේ ආපහු අදින්න බැහැ තමයි.නමුත් දැන් මොනවද කරන්න පුලුවන්..

රණ්ඩුව පටන් ගත් කෙනා ම එය අවසන් කළ යුතු බවට නියමයක් නැහැ.ඔබ හෝ ඔහු මුලින්ම ගැටුම ඇති කර ගන්නට ඇති.දැන් වඩා සුදුසු වන්නේ පාලනය වී සන්සුන් වීමයි.

කෝපයට පත් වීම නිසා අපි වැඩිපුරම හානි කරගන්නේ අපිටමයි. ඒ නිසා කේන්තිය පාලනය කරගෙන ඔබ ඔබටම හානි කර ගැනීම වහා නතර කරගන්න.

ඔහු පිටම වරද පැටවීම නවතා මුලින්ම සමාව දෙන්න. සමාව දීම බොහෝ ගැටලු ඉක්මනින්ම නිරාකරණය කරනවා.

ඇත්තටම ඔබට අවශ්‍ය මොකක්ද කියන දේ සන්සුන්ව වාඩි වී හිතන්න. උපදේශනයට යා යුතු බව හිතෙනවා නම් එයට යොමු වීමට ක්‍රමයක් හිතන්න. ඇත්තටම ඔහු සමඟ ජීවිතය අපහසු නම් ගැටුම් ඇති නොකර දික්කසාදයට යොමු වෙන්න. ඒ ගැන ඔහුට පැහැදිලිව කෙලින් පවසන්න.

ඔබට මෙහෙම හිතෙනවා නම් මුලින්ම කේන්ති ගැනීම නවතා ඔහුගේ සහ ඔබේ සුන්දර දවස් සිහියට ගන්න. ඔහුගේ හොඳ ගැන සටහන් කර බලන්න. ඔහුගේ සහ ඔබේ සුන්දර ඡායාරූප කිහිපයක් නරඹන්න.

කෝපය නිවී ගිය පසු උණුසුම් තේ එකක්,කෝපි එකක් එක්ක ඔහු සමඟ සුහද කතා බහක් අරඹන්න. සියල්ල යථා තත්වයට පත් වේව්.
සමාව ඉල්ලා යවන කෙටි පණිවිඩයක්, ඔබ අතින් සෑදු කුඩා කාඩ්පතක්, Candle dinner එකක් වගේ දේ ඔහු යළිත් ඔබට බැඳෙන්නට හේතු නොවී තිබේවි ද?



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here