එළඹෙන උත්සව සමයට විශේෂ දුම්රිය 31ක් 11 වනදා සිට

0
12


එළඹෙන උත්සව සමයට සමගාමීව විශේෂ දුම්රිය 31ක් ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් 11 වනදා සිට මෙම විශේෂ දුම්රිය ගමන්වාර ආරම්භ කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අමතරව දළදා ප්‍රදර්ශනය ආරම්භවන දිනයේ සිට අවසන්වන දිනය දක්වා කාලය තුළ කොළඹ කොටුව සහ මහනුවර අතර, දෛයිනිකව දුම්රිය ගමන් වාර 08ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළා.

විශේෂ දුම්රියන් ධාවනයට එක්කර ති වේලාවන් සහ දිනයන් පහතින්.

කොළඹ කොටුවේ සිටි බදුල්ල දක්වා පස්වරු 7.30ට – අප්‍රේල් 11, 12, 19 සහ 20 ( මීට සමගාමීව බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් දුම්රියක් ධාවනය වනවා.)
ගාල්ලේ සිට අනුරාධපුරය දක්වා පෙරවරු 4.00ට – අප්‍රේල් මස 12 සහ 13 දිනවල
කොළඹ කොටුවේ සිට ගාල්ල දක්වා පස්වරු 3.00ට – අප්‍රේල් 12 සහ 13 යන දිනවල
ගාල්ලේ සිට කොළඹ කොටුව දක්වා පෙරවරු 6.10ට – අප්‍රේල් 11, 12, 16 සහ 21
කොළඹ කොටුවේ සිට කංකසන්තුරය දක්වා සහ කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත දක්වා විශේෂ දුම්රිය



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here