දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී වසර 16 බැගින් සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන අය එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
එම අභියාචනය, අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා එය කොළඹ මහාධිකරණයට භාර දුන්නා.
අදාළ නඩු විභාගයේදී තමන් විසින් ඉදිරිපත් කළ කරුණු මහාධිකරණ විනිසුරුවරයා විසින් තීන්දුව ලබාදීමේදී සැලකිල්ලට භාජනය කර නොමැති බවයි පෙත්සම්කරුවන් සඳහන් කළේ.
ඒ අනුව තමන්ව අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.
2012 සැප්තැම්බර් මස 27 වැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ අනුරාධපුරයේදී උතුරු මැද පළාත් සභාවේ මහ ඇමතිවරයා වශයෙන් හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කරමින් සිටියදී අල්ලස් පනත යටතේ විග්‍රහ කෙරෙන දුණෂය නමැති වරද කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම නඩු පවරා තිබුණා.
උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කළ දෙවැනි විත්තිකාරියට හිමි ඉන්ධන දීමනාව ඇගේ වැටුපට එක් කර තිබියදී උතුරු මැද පළාත් සභාව එහි ප්‍රධාන ඇමතිවරයා වශයෙන් පළමු විත්තිකරුට නිකුත් කර තිබු වව්චර් පත් මඟින් රුපියල් 26,80,528/-ක ඉන්ධන ලබාගැනීම සහ එලෙස ඉන්ධන ලබාගැනීම සඳහා පළාත් සභා නිලධාරීන් පොළඔවන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා කර ඇත්තේ.
Saru FM Media