එන්න කන්න, ගෙදර හදපු කලු දොදොල්

0
16


කලු දොදොල් කියන්නෙ ලේසියෙන් හදන්න බැරි කෑමක් කියල නේද ප්‍රචලිත වෙලා තියෙන්නෙ. ඒත් එහෙම නැහැ කියලා ඔබට ඉක්මනින්ම වැටහේවි. මේ ක්‍රමයට ඉක්මනින්ම හදා ගන්න පුලුවනි. ඉතින් ඉතාමත්ම පිරිසුදුවට අම්මාගේ ආදරයද සමග මුසුවුන රසැති කලු දොදොල් තසිමක් ඔබේ අවුරුදු මේසය සරුසාර කරාවි.

අවශ්‍ය දේවල්:

  • අමු හාල් පිටි ග්‍රෑම් 200
  • දුඹුරු පාට සීනි ග්‍රෑම් 300ක්,තිබෙනවනම් පැණි වුනත් කමක් නැහැ.
  • උකු පොල්කිරි මිලි ලීටර් 800
  • එනසාල් කුඩු ටිකක්
  • ලුනු ස්වල්පයක්
  • කජු හෝ බැදපු තල ඇට
  • මාගරින් හෝ තෙල් මේස හැඳි 5 පමණ
  • දුඹුරු ආහාර වර්ණක

සාදන ක්‍රමය:

  • පොල් කිරි, සීනි, හාල් පිටි, ලුණු භාජනයකට දමා දියකරගන්න. ඉක්මනින් දොදොල් හදන්න නම් නොන්ස්ටික් භාජනයක් ඕනි.
  • දැන් අඩු ගින්දරේ ලිපේ තබා හැඳි ගාන්න.
  • මෙය ඉක්මනින්ම ඝන වීගෙන එන නිසා නොනවත්වා හැඳි ගාන්න.
  • ඝන වී ගුලියක් වගේ වෙනකොට තෙල් හෝ මාගරින් දමා නැවත නොනවත්වා හැඳි ගාන්න.
  • ටික වේලාවකින් තෙල් පෑදෙන්නට පටන් ගන්නවා.එතකොට හැඳිගාමින් හැන්දකින් තෙල් ඉවත් කරන්න.තෙල් ඉවත් කරන තරමටයි දොදොල් සවිමත් වන්නෙ.
  • ටික වෙලාවකින් මිශ්‍රනය ගුලියක් බවට පත්වෙනවා.මේ වෙලාවේ කජු,එනසාල් ආදිය එක්කරන්න.වර්නක ද එකතු කරන්න.
  • තෙල්  සියල්ලම අයින් වී මිශ්‍රනය සවිමත් වන විට ලිපෙන් බා තැටියක අතුරන්න.ලස්සනට කෑලි කපාගන්න ට පහසුයි ශීතකරනයේ දැම්මම.

මතක තියාගන්න විනාඩි 45 කින් පමන මේඑ විදියට ඉක්මන් දොදොල් හදාගන්න පුලුවනි.

-චම්මි-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here