එදා ඉන්ධන ගන්න සල්ලි නැති වුණේ ජවිපෙ කුමන්ත්‍රණ නිසා – පොහොට්ටු ලේකම්

0
3

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඉන්ධන මිලදී ගැනීමට නොහැකි වුණේ එවකට ජනතා විමුක්ති පෙරමුණ කුමත්‍රණකාරී ලෙස ආර්ථික බිඳ වැට්ටීම හේතුවෙන් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ මේ වන විට රටේ මුදල් පැවතියද මැද පෙර දිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යාම සිදුව ඇති නමුත් එදා රට තුළ ඉන්ධන මිලදී ගැනීමට මුදල නොතිබීම යන කාරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් කළ විමසීමට පිළිතුරු දෙමිනි.

”ඒ අවස්ථාවේ ඉන්ධන තිබුණට මුදල් නෑ කියන්නේ ඒ මුදල් නැති වුණේ ජනතා විමුක්ති පෙරමුණ කියනවා වගේ මුදල් ගුවන් යානාවල පටවාගෙන උගන්ඩාවේ ගෙනිහිල්ලා නෙවෙයි. ඒක දැන් ඔවුනුත් පිළිගන්නවනේ. ඒ වෙලාවේ ඔවුන් විසින් රටේ ආර්ථිකය කඩා වට්ටන්න කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරපු නිසා තමයි රටට මුදල් නැති වුණේ. ඔවුන් ඒ තත්ත්වය ප්‍රයෝජනය අරගෙන මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ කරන්න පෙළඹුණා තමන්ගේ දේශපාලන අදහස් මුදුන්පමුණුවා ගැනීමේ එකම චේතනාවෙන්”

අද (16) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී කාරියවසම් මහතා මේ බව පවසන ලදී.

The post එදා ඉන්ධන ගන්න සල්ලි නැති වුණේ ජවිපෙ කුමන්ත්‍රණ නිසා – පොහොට්ටු ලේකම් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here