Tuesday, May 13, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් එජාප ඡන්ද පදනම වැඩිවුණා: එන ඡන්දවලදි හොඳ සටනක් දෙනවා – රුවන්

එජාප ඡන්ද පදනම වැඩිවුණා: එන ඡන්දවලදි හොඳ සටනක් දෙනවා – රුවන්

0
3


unp-vote-base-has-increased-will-fight-well-in-the-upcoming-elections-ruwan

වත්මන් පච ආණ්ඩුව පරාජයට පත් කිරීම සදහා සමගි ජනබලවේගය ඇතුළු ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

මෙවර පැවැති පළාත් පාලන මැතිවරණයේදී බලාපොරොත්තු වූ ආසන සංඛ්‍යාවක් නොලැබුණත් යම් කිසි මන්ත්‍රී කණ්ඩායමක් නිර්මාණය කිරගැනීමට හැකි වූ අතර එමගින් එක්සත් ජාතික පක්ෂය පදනමක් ඇතිව නැවත යථාතත්ත්වයට ගැනීමට හැකියාව ඇති බවද විජයවර්ධන මහතා පැවැසීය. ඔහු මේ බව පැවැසුවේ කොළඹ මල්පාර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද පැවැසුවේය. මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වටිනා ඡන්දය ලබාදුන් සියලු දෙනාටම ස්තුතිය පුදකරන බවත් මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම වැඩිකර ගැනීමටද හැකියාව ලැබුණු බවත්ය. ඉදිරියේදී පක්ෂයේ සියලුම දෙනා එකට එකතු වී ඉදිරි මැතිවරණවලදී හොඳ ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වන බවද විජයවර්ධන මහතා පැවැසීය.


Party LG Polls 2025 Votes LG Polls 2025 % Parliamentary 2024 Votes Parliamentary 2024 % Vote Difference % Difference
NPP 4,503,930 43.26% 6,863,186 61.56% -2,359,256 -18.30%
SJB 2,258,480 21.69% 1,968,716 17.66% +289,764 +4.03%
SLPP 954,517 9.17% 350,429 3.14% +604,088 +6.03%
UNP 488,406 4.69% 66,234 0.59% +422,172 +4.10%
ITAK 307,657 2.96% 257,813 2.31% +49,844 +0.65%
SB 294,681 2.83% 178,006 1.60% +116,675 +1.23%
SLMC 139,858 1.34% 87,038 0.78% +52,820 +0.56%
DTNA 89,177 0.86% 65,382 0.59% +23,795 +0.27%
NDF N/A N/A 500,835 4.49% N/A N/A
PA 387,098 3.72% N/A N/A N/A N/A
ACMC 75,268 0.72% N/A N/A N/A N/A
CWC 71,655 0.69% N/A N/A N/A N/A



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here