අලුත් ආකාරයේ වර්ණ සංකලන අත්හදා බලන එක ටිකක් අමාරු වැඩක් වුණත් ස්මාර්ට් ඔබට නම් ඒක හරිම රසවත් වැඩක් වේවි. ඔබ දැනටමත් දන්න කහ පාට සහ කොළ පාට ; රෝස පාට සහ අළු පාට වගේ වර්ණ සංකලන වලට අමතරව දේදුන්නේ පාට සියල්ලෙන්ම හැඩ වැඩ වෙන හැටි තමයි අද අපි කතා කරන්නේ. smart lady ඔබත් 2021 අවුරුද්ද ඉවර වෙන්න කලින් මේ වර්ණ අත්හදා බලන්න අමතක කරන්න එපා.
ඉතාම අලංකාර ඒ වගේම වටිනා පෙනුමක් දෙන වර්ණ සංකලනයක් තමයි මේ නිල් වර්ණ දෙක. ඔබට නවීන පෙනුමක් ගෙන දෙන ඉතාමත් දීප්තිමත් ඒ වගේම බලවත් වර්ණ දෙකක සංකලනයක් තමයී මේ. ඒ නිඩාම පිරිසක් අතටින් ඔබව කැපී පෙනේවි. වැඩි දෙනෙක්ට පුරුදු නැති මේ වර්ණ සංකලනය අඳින වෙලාවට රිදී හෝ රත්තරන් ආභරණ පලඳින්න අමතක කරන්න එපා.
වර්ණාවලියට අනුව එකිනෙකට ප්‍රතිවිරුද්ධ වර්ණ දෙකක් නිසාම ඇඳුම් බාවිතයේදී හොඳ ගැළපීමක් තිබෙන වර්ණ දෙකක් තමයි මේ වර්ණ දෙක. උදාහරණයක් ලෙස නිල් වර්ණ කලිසමකට තැඹිලි වර්ණ හෝ තැඹිලි වර්ණ මිශ්‍ර ටොප් එකක් අඳින්න පුළුවන් . මේ වගේ සංකලනයකට කැමති ඔබ burnt orange සහ navy blue කියන වර්ණ දෙකත් අත්හදා බලන්න. පාවහන් තෝරනකොට අමතක නොකර nude colour එකක් තෝරගන්න. එමගින් ඉතා දීප්තිමත් වර්ණයන්ගෙන් යුතු ඔබේ ඇඳුම් හොඳින් ඉස්මතු කර පෙනුමේ සමබරතාවය ආරක්ෂා කරයි .
Tan වර්ණය වගේම අනිකුත් උදාසීන වර්ණත් විලාසිතා කාරනයේදී ගැළපීමට අපහසු එමෙන්ම හොඳ පෙනුමක් ලබා නොදෙන වර්ණ ලෙස ප්‍රසිද්ධයි. නමුත් ඔබ tan වර්ණය සමඟ maroon වගේ ගැඹුරු, වට්නා පෙනුමක් සහිත වර්ණයක් තෝරා ගත්තොත් ඔබේ ඇඳුම් සංකලනය කිරි පැණි වගේ තියේවි. ඒ වගේම ඔබ ඇඳුම් යුගල කරද්දි ඒ ඇඳුම් නිමවා ඇති රෙදි වර්ග ගැනත් සැලකිලිමත් වෙන්න. වෙනස් මාදිලියේ රෙදි වර්ග දෙකකින් නිපදවූ ඇඳුම් මේ වර්ණ දෙක සමඟ වටිනා පෙනුමක් ගෙන දෙනවා. උදාහරණයක් සැලකුවොත් මෙරූන් පාට කොට්ඩ්‍රෝයි රෙද්දෙන් මැසූ සායක් සමග සැටින් ටොප් එක ගැලපෙනවා.
මේ වර්ණ සංකලනය ඉතාමත් පරිපූර්ණ වර්ණ සංකලනයක් ලෙස අඳුන්වලා දෙන්න පුළුවන්. වෙන කිසිදු වර්ණයකට නොදෙවෙනි වෙන සේ වෙනසේ තැඹිලි වර්ණය මගින් කළු වර්ණය ඔසවා තබනවා. දීප්තිමත් වර්ණයේ කලිසම් අඳින්න කැමති ඔබට තැඹිලි පැහැ කලිසමකට කලුපාට ටොප් එකක් අඳින්න පුළුවන්. ඒ වගේම අමතක නොකර හොඳ වර්ගයක අත්බැග් එකක් පාවිච්චි කරන්න එයින් ඔබේ ඇඳුමට තවත් වටිනාකමක් එකතු කරන්න සමත් වෙනවා.
ඔබට දිගු කාලයක් විවිධ මාදිලියේ ඇඳුම් පැළඳුම් සමඟ කරන්න පුළුවන් වර්ණ සංකලනයක් තමයි මේ. කිසිම වයස් භේදයකින් තොරව කරන්න පුළුවන් මේ වර්ණ සංකලනය ඒ වර්ණ වල ලා පැහැයේ සිට තද පැහැය දක්වාම ගළපන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් තද අළු පාට කලිසමක් සමග soft pink ටොප් එකක් ඔබට පහසුවෙන් ගළපන්න පුළුවන්. ඒ කියන්නේ මේ වර්ණ දෙකට අයිති ඔබේ අල්මාරියේ තියෙන ඕනම ඇඳුමක් මේ තේමාවට ගලපන්න පුලුවන්.
මනා පෞරුෂයකින් යුතු ඔබට ගැළපෙන පරිපූර්ණ වර්ණ සංකලනයක් තමයි purple සහ coral. මෑතකාලීනව ඉතාමත් ජනප්‍රිය වුන coral වර්ණය ඕනෑම සමකට පහසුවෙන් ගලපන්න පුළුවන්. Coral වර්ණයක් සමඟ දීප්තිමත් දම් පාට ගලපන විට ඔබ සැලකිලිමත් වෙන්න අවශ්‍ය දේ තමයි හරියටම එකිනෙකට ප්‍රතිවිරුද්ධ වනසේ ඒ වර්ණ දෙක ගළපන්න. ආභරණ ලෙස ප්‍රමාණයෙන් කුඩා රත්තරන් භාණ්ඩ පාවිච්චි කරන්න පුළුවන්. අමතක නොකර දීප්තිමත් දම් පැහැයෙන් හෝ coral පැහැයෙන් අත් බෑගයකුත් ගන්න .
සුදු වර්ණය කියන්නෙ ඕනම වර්ණයක් සමග පහසුවෙන් ගැලපෙන වර්ණයක් වුණත් එය දම් වර්ණයක් සමඟ ඉතා අපූරු පෙනුමක් ලබා දෙනවා. එමගින් ඔබේ ස්ත්‍රීත්වය ඔපවත් කරන අතර ඔබට සරාගී පෙනුමක් ද ලබා දෙනවා. රන් රිදී ආභරණ සමග මේ වර්ණ දෙක සංකලනය කරොත් ඔබට යහළුවන් සමග රාත්‍රී ගමනකට වගේම දහවල් කාලයේ සාමාන්‍ය මට්ටමේ උත්සවයටත් අඳින්න පුළුවන්.
ඉතා මෘදු පෙනුමක් දෙන මේ පැස්ටල් වර්ණ හරියාකාරව ගැලපූවොත් සිත් ඇදගන්නා පෙනුමක් ඔබට පහසු පහසුවෙන් ලබාගන්න පුළුවන්. සරල නමුත් හැඩකාර පෙනුමක් උවමනා දවසට Pale blue ටොප් එකකට රෝස පාට ඕවර් කෝට් එකක් සමග රෝසපාට stiletto සපත්තු දෙකක් ඇඳලා බලන්න. සුදු හෝ මේ වර්ණයන්ගෙන් ම යුතු සපත්තු සහ අත් බෑග් පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා.
Saru FM Media