සටහන: සශිකලා මධුෂාණි
මැයි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 50% ක තීරුබදු පැනවීමට සුදානම් බවට වාර්තා වේ.
මෙහිදී ඇමරිකාවේ නිෂ්පාදනය නොකරන අයිෆෝන් සඳහා අවම වශයෙන් 25% ක ආනයන බද්දක් පනවන බවට ඔහු ඇපල් සමාගමට අනතුරු ඇඟවූ අතර, මෙම තීරුබදු ජුනි 1 වන දා සිට ක්‍රියාත්මක වන බවට හෙතෙම ධවල මන්දිරයේදී වාර්තාකරුවන්ට සඳහන් කර තිබිණි.
මේ සමබන්ධයෙන් යුරෝපීය සංගමයේ වෙළඳ කොමසාරිස් මාරෝස් සෙෆ්චොවිච් සිය සමාජ මාධ්‍යවල සඳහන් කර තිබුණේ, යුරෝපා සංගම්-ඇමරිකානු වෙළඳාම අසමසම වන අතර තර්ජන වලින් නොව අන්‍යෝන්‍ය ගෞරවයෙන් මෙහෙයවිය යුතු බවත්, ගනුදෙනුවක් සුරක්ෂිත කිරීමට තමන් කැපවී සිටින බවත්, පළිගැනීමටවුවද සූදානම් බවත්ය.
ට්‍රම්ප් පසුගිය මාසයේ බොහෝ යුරෝපා සංගම් භාණ්ඩ සඳහා 20% ක තීරුබදුවක් ප්‍රකාශයට පත් කළ නමුත් සාකච්ඡා සඳහා කාලය ලබා දීම සඳහා ජූලි 8 වන දින දක්වා එය 10% දක්වා අඩකින් අඩු කළේය.
කෙසේ නමුත් මෙම කාරණයත් සමඟ එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ කොටස් පහත වැටුණු අතර, S&P 500 0.7% කින් පමණ පහත වැටුණු අතර ජර්මනියේ Dax සහ ප්‍රංශයේ Cac 40 දිනය අවසන් වන විට 1.5% ට වඩා පහත වැටුණි.
Saru FM Media