එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී එක්දින නිල සංචාරයක් සඳහා හෙට (17) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්ම මහත්මීන් හමුවී ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව එක්සත් රාජධානි මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට එක්සත් රාජධානියේ සහාය ලබා දෙන මානුෂීය ආධාර හවුල්කරුවන් හමුවීමට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී සැලැසුම් කර ඇති බව සඳහන්ය.
එමෙන්ම එක්සත් රාජධානි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ළමා රැකවරණය සඳහා වන ගෝලීය ව්‍යාපාර ප්රඥප්තිය සඳහා වන ගිවිසුමටද අත්සන් තැබීමට නියමිතව තිබේ.
ඊට අදාළ උත්සවය හෙට (17) මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
Saru News










