ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයෙන් ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායමට ලකුණු 134ක ඉලක්කයක් හිමිව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 16.2 තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 133කි.
එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 37ක්, පැතුම් නිස්සංක ලකුණු 23ක් රැස්කරගත්හ.
පන්දුයැවීමේදී ආදීල් රෂීඩ් සහ සෑම් කරන කඩුලු තුන බැගින් බිඳහෙළුහ.
ශ්‍රී ලංකා ඉනිමේ 16 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ සෑම් කරන් විසින් කඩුලු ත්‍රිත්වයක් දවා ගන්නා ලදී.
ඒ අනුව එංගලන්තය වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගත් දෙවන ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්විය.
තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා කිරීමට තරග තීරකවරයා තීරණය කළේය.
Saru News










