එංගලන්තයට එරෙහිව කොදෙව්වන්ට පහසු ජයක්

0
3

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (11) රාත්‍රියේ අවසන් වූ තරගයෙන් එංගලන්තය ලකුණු 30කින් පරාජය කිරීමට බ.ඉ. කොදෙව් කණ්ඩායම සමත් විය.

‘C’ කාණ්ඩයේ තරගයක් ලෙස මෙය මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මෙම ජයත් සමග එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට කොදෙව්වන්ට හැකිවිය.

මෙහිදී කොදෙව්වන් ලබාදුන් ලකුණු 197ක ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 19කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 166ක් පමණි.

දෙරට අතර අද පැවතියේ 40වන විස්සයි20 ජාත්‍යන්තර වූ අතර, ඉන් කොදෙව්වන් ලැබූ ජයග්‍රහන සංඛ්‍යාව තරග 19ක් බවට පත්විය.

එංගලන්තයද තරග 19ක් ජයගෙන ඇති අතර, එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

එමෙන්ම මෙය හැරී බෲක්ගේ නායකත්වය යටතේ එංගලන්තය විස්සයි20 තරගයක් පරාජය වූ (පන්දුවාර 20 ක්‍රියාත්මක වූ අවස්ථාවක) පළමු අවස්ථාව වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here