එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස නායකත්වයට බෲක්

0
14


එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස හැරී බෲක් පත් කර ඇති බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

මීට පෙර එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ජොස් බට්ලර්, පාකිස්ථානයේ පැවති 2025 චැම්පියන්ස් කුසලානයෙන් පසු එම තනතුරින් ඉල්ලා අස්වුණා.

එම ඉල්ලා අස්වීමේ පැවති පුරප්පාඩුවටයි 26 හැවිරිදි හැරී බෲක් නම්කර ඇත්තේ.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන සියලුම ආකෘතිවල නිත්‍ය ක්‍රීඩකයෙකු වන බෲක්, පසුගිය වසරේ එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් දෙකෙහි උප නායකයා ලෙස නම් කරනු ලැබුවා.

බෲක්, 2018 වසරේ නවසීලන්තයේ පැවති 19න් පහළ ලෝක කුසලානයේ දී එංගලන්තයට නායකත්වය ලබාදුන්නා.

එංගලන්ත නායකයා ලෙස ඔහුගේ පළමු පැවරුම වනුයේ එළඹෙන මැයි මස අග දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව මව්බිමේ දී පැවැත්වෙන තරගාවලියයි.

එම තරගාවලිය එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here