කැනඩාවේ වෙසෙන දෙමළ ජාතිකයින් පිරිසක් එරට බ්‍රැම්ප්ටන් නගරයේ ඉදිකළ, LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. Sri Lanka Latest News
සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහන් මගින් ඔවුන් සඳහන් කර ඇත්තේ, 2021දී යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකළ අනුස්මරණ ස්මාරකය විනාශ කිරීමට ලක්රජය කටයුතු කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම ස්මාරකය ඉදිකළ බවය.
කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය ඇතුළු කැනඩාවේ සිටින දෙමළ සංවිධානවල අනුග්‍රහයෙන් ඉදිකර ඇති මෙම ස්මාරකය, LTTE සංවිධානය නිර්මාණය කළ බවට පැවසෙන දෙමළ ඊළාම් සිතියම ද ඇතුළත් කරමින් ස්ථාපනය කර ඇති අයුරු දැකගත හැකිවුණි.
අදාළ ස්මාරකය විවෘත කරන අවස්ථාවට ඔන්ටාරියෝහි නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ශ්‍රී ලංකාවේ යාපනයේ උපත ලද විජේ තනිගසලාම් නමැත්තෙකු ද එක්ව සිටි අයුරුද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවල දක්නට ලැබුණි.
මෙම වසර මුලදී බ්‍රැම්ප්ටන් නගර සභාව විසින් මෙම සැලසුම අනුමත කර තිබූ අතර මීටර් 4.8 ක මල නොබැඳෙන වානේ ව්‍යුහයකින් ස්මාරකය සකස් කොට ඇත.
කැනේඩියානු අධිකරණ අමාත්‍ය ගැරී ආනන්දසංගරී ස්මාරකය ආරක්ෂා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ එය “අහිංසක ජීවිත දහස් ගණනකට” ගෞරව කරන බවත් “ගෝලීය දෙමළ ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව” සමරන බවත්ය.
මේ අතර, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය එහි ඔටාවා මහ කොමසාරිස් කාර්යාලයෙන් සමාරම්භක උත්සවය පිළිබඳව හදිසි තොරතුරු ඉල්ලා ඇති බව වාර්තා වේ.
Saru FM Media