හැකි පමණ කල්වේලා ඇතිව ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් සිය ඡන්දය පාවිච්චි කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ඡන්දදායකයින්ට දැනුම් දෙනවා.
අද (06) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව සඳහන් කළා.
මේ අතර අද දිනය තුළ ඡන්දය ආයාචනය කිරීම, බලපෑම් කිරීම, ඡන්ද ලබා නොදෙන ලෙස සඳහන් කිරීම හෝ එක් එක් පුද්ගලයින් හෝ කණ්ඩායම් ඉලක්ක කරගෙන ඡන්දය සම්බන්ධයෙන් කටයුතු කිරීමෙන් වළකින ලෙස ද ඔහු දැනුම් දෙනවා.
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද (06) පෙරවරු 7.00ට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759 කදී ආරම්භ වුණා.
Saru FM Media