උදෑසනට සුදුසුම ආහාර

0
12


උදෑසන ආහාරය දවසේ වැදගත්ම ආහාරය ලෙසටයි සැලකෙන්නේ. දීර්ඝ වේලාවක් නිරාහාරව ඉඳලා ලබා ගන්න ආහාරය වගේම දවසේ පළමුවෙන්ම ලබා ගන්න ආහාරය නිසා මෙය හරිම වැදගත්. උදෑසන ආහාරය ගැන මේ නිසා වැඩි අවධානයක් යොමු කිරීම අතිශය වැදගත් වගේම මේ සඳහා පෝෂණයෙන් ඉහළ ආහාර වර්ග එකතු කර ගන්නත් අවශ්‍යයි.

පරළු පාන් කියන්නේ පෝෂණ ගුනයෙන් ඉහළ ආහාරයක්. ශරීරයට අවශ්‍ය ඛණිජ ලවන මේ පාන්වල අඩංගු වෙලා තියෙනවා. ශරීරයේ සීනි ප්‍රමාණය පාලනය කරන නිසා හෘද රෝග වගේ රෝගාබාධ කිහිපයකින්ම මිදෙන්නත් පුලුවන්. ටෝස්ට් කරලා ආහාරයට එකතු කර ගත්තම රසයෙනුත් ඉහළයි.

බිත්තර කියන්නේ පෝෂණ ගුණයෙන් ඉහළම ආහාරයක්. ප්‍රෝටීන් බහුල ආහාරයක් නිසා දවසම හොඳ ශරීර සෞඛ්‍යෙයන් ඉන්න බිත්තර උපකාරී වෙනවා.

ඕට්ස් සැලකෙන්නේ ලොව තියෙන පෝෂණ ගුණයෙන් ඉහළම උදැසන ආහාරයක් ලෙසටයි. ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් රෝගාබාධ රැසකින්ම ආරක්ෂාවත් ලබා දෙනවා.

බෙරි වර්ග උදැසන ආහාරයට එකතු කර ගැනීමෙන් ශරීරයට අවශ්‍ය විටමින් ලැබෙනවා. ස්නායුවලට හිතකර වගේම රුධිරයේ සීනි මට්ටමත් පාලනය කරනවා.

දවසම හොඳින් ගත කිරීමට අවශ්‍ය තරමට විටමින් සී සහ ඒ ලබා දෙනවා. ඛණිජ ලවනත් ලැබෙනවා.

– එරන්දතී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here