උදෑසන හිස්බඩ වතුර වීදුරුවක් පානයෙන් ලැබෙන විස්මිත වාසි

0
13


ජලය කියන්නේ ඕනෑම පුද්ගලයකුගේ පැවැත්මට අත්‍යවශ්‍යම සාධකයක්.ශරීරයෙ සියලුම අවයව වල සාමාන්‍ය හා සුමට ක්‍රියාකාරිත්වය සඳහා නිසි ලෙස ජලය පානය කිරීම වැදගත්.ඔබේ පිපාසය සංසිදුවා ගැනීමට හොඳම පානය ජලය වන අතර හිස් බඩ ජලය පානය කිරීමෙන් ඔබ නොහිතන සෞඛ්‍යමය වාසි රැසක් අත් කරගන්න ඔබට පුළුවන්. අද මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ ඒ ගැනයි

හිස් බඩට ජලය පානය කිරීම මඟින් පරිවෘත්තීය ක්‍රියාවලියේ වේගය 25% කින් පමණ ඉහළ නැංවිය හැකි බව පරීක්ෂණ පරීක්ෂණවලින් සොයාගෙන තිබෙනවා.පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත් වීම වේගයෙන් ආහාර ජීරණය වීමට උපකාරී වන නිසා දිගුකාලිනව බර අඩු කර ගැනීමට ද එය සහය වනවා.හිස් බඩ ජලය පානය කිරීමට අමතරව දවස පුරාම ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමද ඔබේ සෞඛ්‍යයට ඉතා යහපත් ප්‍රතිඵල අත්කර දෙනවා

අපගේ සමස්ත සෞඛ්‍යයේ යහ පැවැත්මට ජලය අත්‍යවශ්‍ය බව ඔබ දැනටමත් දන්නවා.උදෑසන හිස්බඩ ජලය පානය කිරීම පුරුද්දක් කර ගැනීම ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරනවා.විශේෂයෙන්ම ඔබේ ශරීරයේ ඇතිවිය හැකි ආසාත්මිකතා වලට එරෙහිව සටන් කිරීමට එමගින් හැකියාව ලැබෙනවා

උදෑසනදී හිස්බඩ ජලය පානය කිරීම මෙන්ම දවස පුරා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම මගින් ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඉතා හොඳින් සිදුවීම් දිනපතාම මලපහ පිටවීම ද බාධාවකින් තොරව සිදුවෙනවා.එය ඔබේ සිරුරෙහි ඇති අපද්‍රව්‍ය නිතිපතා ඉවත් කිරීමට හේතු වනවා

ඔබ මුත්‍රා පිට කරන සෑම අවස්ථාවකදීම ශරීරයේ ඇති විෂ ,දියර ආකාරයට ඉවත් වෙනවා .විශේෂයෙන්ම ඔබ උදෑසනදී හිස්බඩ ජලය පානය කරනවා නම් රාත්‍රිය පුරා ඔබගේ ශරීර අභ්‍යන්තරයේ එකතු වීමෙන් විෂ අපද්‍රව්‍ය හොඳින් බැහැර වන අතරම බඩ පිපීම වැනි තත්වයන් ඇති වීම ද වළක්වනවා

විවිධ හේතූන් නිසා බොහෝ දෙනාට නිතර හිසරදය වැළඳෙනවා.මෙයට මූලික හේතුවක් ලෙස ශරීරයේ ජලය නොමැතිකම හඳුන්වන්න පුළුවන් .ශරීරය විජලනය වීම වැළැක්වීම සඳහා නිසි ලෙස ජලය පානය කිරීම අතිශයින්ම වැදගත්.ඔබ උදෑසන අවදි වූ විට හිස්බඩ ජලය පානය කරනවා නම් ස්වාභාවිකව හිසරදයෙන් මිදීමට ඔබට හැකි වනවා.

හිස් බඩ ජලය පානය කිරීම මඟින් ඔබේ ආහාර රුචිය තරමක් දුරට අඩු කිරීමක් සිදුවෙනවා.ඒ වහේම සෑම ආහාර වේලකටම විනාඩි පහළොවකට හෝ පෙර මද උණුසුම් ජලය වීදුරුවක් හෝ ටිකක් පානය කිරීම මගින් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා .හොඳින් ජලය පානය කිරීම මගින් පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩිදියුණු කරන නිසා වේගයෙන් කැලරි දහනය වීම ද සිදු වනවා . මේ නිසා සිරුරේ බර අඩුකර ගන්න හිතන ඔබ අනිවාර්යයෙන් ජලය වැඩිපුර බොන්න අමතක නොකල යුතු දෙයක්.

ඔබ උදෑසන අවදි වූ විට හිස්බඩ ජලය පානය කරනවා නම් ඔබේ බඩවැල් ඉතා ඉක්මනින් වගේම හොඳින් පිරිසිදු වනවා.එමගින් උදෑසන කාලය තුලදී තරමක කුසගින්නක් ඔබට දැනෙන නිසා උදෑසන ආහාරය ඔබට මග හැරෙන්නේ නැහැ.උදෑසන ආහාරයෙන් පසුව නිතර නිතර ජලය පානය කිරීම මගින් වරින් වර ඇතිවන කුසගින්න පාලනය කර ගැනීමට ඔබට පුළුවන්

පැහැපත් සහ පැහැදිලි සමක් ලබා ගැනීමට ඇති පහසුම ක්‍රමයක් ලෙස ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම හඳුන්වන්නට පුළුවන්.ශරීරය අභ්‍යන්තරයේ ඇති විෂ අපද්‍රව්‍ය නිසා සම මත ඇති ලප කැළැල් සහ අඳුරු පැල්ලම් ඇතිවනවා.මේවා ශරීරයෙන් ඉවත් කිරීමට නිසි ලෙස ජලය පානය කිරීමෙන් හැකියාව ලැබෙනවා.හිස් බඩට ජලය පානය කිරීම මගින් මෙම ක්‍රියාවලිය වේගවත් කිරීම සිදු කරන නිසා උදෑසන අවදි වූ විට මද රස්නය සහිත ජලය වීදුරුවක් හෝ දෙකක් පානය කරන්න

උදෑසන කාලය තුළ ඔබට නිදිමත හෝ උදාසීන බවක් දැනෙනවා නම් හිස්බඩ ජලය පානය කිරීමෙන් ක්‍රියාශීලි බවක් ලබා ගන්නට පුළුවන්.එමගින් රතු රුධිර සෛල වේගයෙන් වර්ධනය වීමට උත්තේජනය ලබාදෙන අතර එමගින් ශරීරයට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් සහ ශක්තියක් ලබාදෙනවා

උදෑසන හිස් බඩට ජලය පානය කිරීම මගින් ශරීරයේ විෂ ඉවත් වනවා සේම පෝෂ්‍ය පදාර්ථ වේගයෙන් ශරීරයට අවශෝෂණය කර ගැනීම ද සිදු වනවා.මෙමඟින් සෞඛ්‍ය සම්පන්න ලෙස බඩවැල් ක්‍රියා කරනවා පමණක් නොවෙයි ඒවායේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වාගෙන යන්නටත් පුළුවන්.එය ඔබේ සමස්ත සෞඛ්‍ය සඳහාම හොඳ පිටුවහලක්

මෙවැනි සෞඛ්‍යමය වාසි අත් කර ගැනීමට නම් උදෑසන අවදි වූ විට හිස්බඩ ජලය පානය කිරීම පුරුද්දක් කර ගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here