ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය අනුව භාණ්ඩ හා සේවා මිල ඉහළ යමක් බව දන්නා කරුණකි. එහි ප්‍රතිවිරුද්ධ කාරණය අවධමනය වන අතර ආර්ථිකයක දිගින් දිගටම සිදුවන උද්ධමනය හෝ අවධමනය විසින් අඟවන්නේ ආර්ථිකයේ කඩා වැටීමයි. කෙසේවෙතත් ආර්ථිකයක අඛණ්ඩ පැවැත්ම සහ වර්ධනය වෙනුවෙන් උද්ධමනය පැවතීමත් අවශ්‍ය ආර්ථික විද්‍යාත්මක කාරණයකි. මේ වන විට රට තුළ උද්ධමනයක් පවතින් බවටත් එය ආර්ථිකයට අවාසි සහගත බලපෑමක් එල්ල කරන බවටත් ඇතැම් විශ්ලේෂණවලදී දැකගත හැකියි.
2026 වසරේ ජනවාරි මාසය සඳහා වන මෙරට උද්ධමන දත්ත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබුණු අතර
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2026 ජනවාරි මාසයේදී 2.3% ක් ලෙස සටහන්ව තිබුණි.
2025 දෙසැම්බර් මාසයේදී එය සටහන් වූයේ 2.1% ක් ලෙසයි.
ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී 3% ක් වූ අතර ආහාර නොවන උද්ධමනය 2026 ජනවාරි මාසයේදී 1.8% ක් ලෙසින් සටහන්ව ඇති අතර 2025 දෙසැම්බර් මාසයේදී වාර්තා වූ 1.8% සිට නොවෙනස්ව පැවතුණි.
ඒ අනුව මෙම උද්ධමනය තත්ත්වය ආර්ථිකයට අවාසි සහගත ලෙස බලපෑම් කරන්නක්ද? ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා අදහස් දක්වා තිබේ. මහාචාර්ය වසන්ත අතුකෝරළට අනුව මෙය කිසිලෙසකින්වත් ආර්ථිකයට අවාසි සහගත තත්ත්වයක් නොවේ. ඔහු පවසන පරිදි උද්ධමනය 5%කට ආසන්න ගණනක පැවතිය යුතුය.
”උද්ධමනය අවාසි වෙන්නේ ඉතාම ඉහළ උද්ධමනයක් රට තුළ ක්‍රියාත්මක වෙනවා නම් පමණයි. 2022 – 2023 වර්ෂවල මිල මට්ටම වේගෙන් ඉහළ ගිය. එවැනි උද්ධමනයක් රටකට කිසිසේත් යෝග්‍ය වෙන්නේ නැහැ. එවැනි උද්ධමනයකින් ආර්ථිකයේ විනාශකාරී තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. එහෙම නැතුව 5%ක ආසන්න උද්ධමනයක් රටකට අවශ්‍යයි ආර්ථකය ක්‍රමයෙන් ඉස්සාහට ගමන් කිරීමට.
ලංකාවේ කොළඹ පාරිභෝගික මිල දර්ශනකය, ජාතික පාරිභෝගික මිල දර්ශකය දෙකම අරන් විශ්ලේෂණය කරලා බලනොට ගිය වසරේ බොහොමයක් මාස වල අවධාමනාත්මක අගයක් තිබුණා. නමුත් වාර්ෂික සාමාන්‍ය බලනවිට 2% 3% මට්ටමක තමයි ක්‍රියාත්ක වෙන්නේ. මෙවැනි තත්ත්වයක් ආර්ථිකයට කිසිසේත් අවාසි වන්නේ නැහැ. මිල මට්ටම දිගින් දිගටම පහළ යනවා නම් ඒකත් ආර්ථිකයට විනාශකාරී තත්ත්වයක් ගේන්නේ.
Saru News










