එළැඹෙන 2027 වසරේ වැටුප් වැඩිවීමක් එන තෙක් කිසිදු දීමනාවක් ඉහළ නොදමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් ව්‍යසනයට පත් ජනතාව නැවත පදිංචි කරවීමේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද පෙරවරුවේ පැවැත්විය.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ 2025, 2026 වසරේ සහ 2027 රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම රුපියල් 33,000ක් වැය කර ඇති බවය.
ඒ අනුව 2027 තුන්වැනි වැටුප් වර්ධකය ඇතිවූවාට පසු අයවැයට සිදුවන බලපෑම සම්බන්ධව අවධානය යොමු කරමින් අනෙක් දීමනා ගැන සළකා බලන බවත් පැවසූ ජනාධිපතිවරයා සඳහන් කළේ එතෙක් කුමන උද්ඝෝෂණ සිදුකළද එළැඹෙන වසරේ වැටුප් වැඩිවීම එනතෙක් කිසිදු දීමනාවක් වැඩි කිරීමට පියවර නොගන්නා බවය.
Saru News










