උතුරු මැද පළාතේ මහඇල කැනීමේ කටයුතු සාර්ථකයි

0
14


උතුරු මැද පළාතේ මහඇල කැනීමේ කටයුතු මේ දිනවල අතිසාර්ථකව සිදු වෙමින් පවතිනවා.

කිලෝමීටර් 96 ක් දිග මෙම සම්පූර්ණ ඇල මාර්ගය මොරගහකන්ද ජලාශයෙන් ආරම්භ වී අනුරාධපුරයේ යක්කල වෙත ගමන් කරනවා.

කිලෝමීටර් 28 ක් දිග දකුණු ආසියාවේ දිගම වාරි උමං ඇල ව්‍යාපෘතියේ කිලෝමීටර් 17 ක වැඩ අදියර තුනකින් නිමාවට පත් කරමින් පවතිනවා.

උමං මග බකමූන කෝදුරුවාව සිට හබරන පලුගස්වැව දක්වා කිලෝමීටර් 28ක් සිදු කිරීමට නියමිතයි.

2021 පෙබරවාරි මාසයේදී හබරන පලුගස්වැවදී ආරම්භ වූ උමග කැනීම යන්ත්‍ර මාර්ගයෙන් සිදු කරන කැනීම් මේ වන විට කිලෝමීටර් 12ක්.

2023 නොවැම්බර් මාසයේදී යන්ත්‍ර මගින් කැනීම කිලෝමීටර් පහයි දශම තුනක් දක්වාත් කිලෝමීටර් 1.8 ක කොටසක් මිනිස් හා යන්ත්‍ර ශ්‍රමය මගින් පිපිරුම් ක්‍රමවේදය ඔස්සේ සිදු කෙරුණා.

මේ වන විටත් කිලෝමීටර් 17 ක වැඩ නිම කර තිබෙනවා.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ මහවැලි ජලය වයඹ,  උතුරුමැද සහ වයඹ පළාත්වල පිහිටි ජල ඌණතාවයෙන් පීඩා විදින ප්‍රදේශවලට මහවැලි ජලාශවල ජලය රැගෙන ගොස් එම ප්‍රදේශය  ජලයෙන් පෝෂණය කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරෙනවා.

පසුගියදා මහවැලි ජල සුරක්ෂිතතා මාධ්‍ය ඒකකය මගින් එම ඉදිකිරීම් කටයුතු  මාධ්‍යවේදීන්ට නැරඹීමට අවස්ථාව ලබා දී තිබුණා.

පලුගස්වැවදී පිහිටිපොලවෙන් අඩු 80 ක් යටට ගොස් කිලෝමීටර් 12 ක් හා කෝදුරුවාව ප්‍රදේශයෙන් කිලෝමීටර් 5.3 ක් මහපොලොව ඇතුළත නිර්මානය වන මෙරට වාරි කර්මාන්තයේ විශ්මිත නිර්මාණයක් වන දකුණු ආසියාවේ දිගම වාරි උමග නිරීක්ෂණය කිරීමට මෙහිදී මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමිව තිබුණා.

පොලොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 5 ක් එහා අති නවීන තාක්ෂණය භාවිත කරමින් චීන සහ ශ්‍රී ලංකා ඉංජිනේරුවන් අතින් සිදුකරන මහා දැවැන්ත ව්‍යාපෘතියක් සියැසින් දැක ගැනීමට ඔවුන්ට හැකි වුණා.

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here