උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් හරිනි පෙරට එයි! I Sri Lanka Latest News

0
4


උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බවත්, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට ඒවා කඩිනමින් පවරා දීම බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.Sri Lanka Latest News

උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ඉඩම් හිමිකම් පිළිබඳ ගැටළු විසදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ. 

මෙතෙක් කලක් උතුරු නැගෙනහිර ඉඩම් අයිතිය නිරවුල් කිරීම වෙනුවෙන්, පැවති රජයන් ගෙන ගිය වැඩපිළිවෙල පිළිබඳ ජනතාව තුළ සැකයක් මතුව ඇති බව ද ඇය එහිදී ප්‍රකාශ කළා. 

කෙසේ වෙතත්, අයිතිය හිමි ජනතාව සතුව අයිතිය ඔප්පු කිරීමට ලේඛන කිසිවක් නොමැති බැවින් ජනතා විශ්වාසය දිනාගත් ක්‍රමවත් වැඩපිළිවෙළක් ඒ සඳහා අවශ්‍ය බව උතුරු නැගෙනහිර නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී පෙන්වා දුන්නා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here