උත්සව කාලයට ගෙදරට එන අමුත්තන්ට ජෙලි වලින් වෙනස්ම විදියට රසවත් පුඩින් වර්ග හදමු

0
11


උත්සව සමයේ  ඔබගේ නිවෙසට පැමිණෙන  අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින්  රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්…..

ජෙලි ෆෘට් පුඩින්

අවශ්‍ය දේවල්

රතු කහ කොල වර්ණ ජෙලි පැකට් තුනක් ටින් කිරි ග්‍රෑම් 250ක්
ස්ටු කරගත් අන්නාසි ග්‍රෑම් 225ක්
චෙරි ග්‍රෑම් 300 ක්
ප්‍රෙෂ් ක්‍රීම් මි.ලී 120
මාෂ් මෙලෝස් ග්‍රෑම් 110

සාදන ක්‍රමය

ජෙලි පැකට් වෙන වෙනම දියකර  ශීතකරණයේ තබා ඝන වූ පසු ඉවතට ගෙන කොටු කපන්න . ෆ්‍රෙෂ් ක්‍රීම් බීට් කරගන්න . චෙරි , අන්නාසි , මාස්මෙලෝස් , ටින් කිරි සමඟ මිශ්‍ර කර පැත්තකින් තබා ගන්න. වීදුරු බඳුනකට චෙරි , අන්නාසි මාස්මෙලෝස් දමා ජෙලි වර්ග එකට කලවම් කරන්න .මේ ආකාරයට තට්ටු තුනක් දමා ෆ්‍රෙෂ් ක්‍රීම් දමා එයට උඩින් කජු කැබලි දමා ශීතකරණයේ තබා පිළිගැන්වීමට පෙර සරසා පිලිගන්වන්න .

රිබන් ජෙලි පුඩිම

අවශ්‍ය දේවල්

ටින්කිරි ටින් බාගයක්
වතුර ටින් කිරි ටින් එකකින් එකක්
ජෙලටින් ග්‍රෑම් 30
ලෙමන් ජෙලි පැකට් එකක්
ස්ටෝබෙරි පැකට් එකක්

සාදන ක්‍රමය

පුඩින් සකස් කරන බඳුන ගෙන එයට ස්ට්‍රෝබෙරි  ජෙලි වලින් සකස් කර ගත් ජෙලි මිශ්‍රණය දමන්න. සුදු වර්ණය සඳහා සාමාන්‍ය ජෙලි වලට වතුර ටිකක් දමා පොගවා ගෙන මිශ්රණය උනු වතුර බඳුනක තබා ඩබල් බොයිල් ක්‍රමයට උණු කරන්න. ටින් කිරි සහ වතුර මිශ්‍ර කරන්න. මෙය සුපිරි ජෙලි තට්ටුව උඩට දමා ශීතකරණයේ තබන්න. කොළ වර්ණ ලෙමන් ජෙලි තට්ටුව අතුරා ගන්න. මෙය ශීතකරණයේ පැයක් පමණ තබා ඝන වූ පසු පිගානක් මතට අනිත් පැත්ත හරවා ටින් කිරි ටිකක් උඩින් දමා පිළිගන්වන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here