උණුසුම් හෝ ශීත ආහාරයක් ගන්න විට ඔබේ දත් හිරිවැටෙනවා නම් මෙන්න විසඳුම්.

0
11


උණුසුම් හෝ ශීත ආහාරයක් ගන්නා විට ඔබගේත් දත් හිරි වැටෙනවාද? දන්ත සංවේදීතාව බොහෝ දෙනෙක් පීඩා විඳින තත්ත්වයක් ලෙස හඳුනා ගත හැකියි. ඒ හේතුවෙන් ඔවුන්ට උණුසුම් හෝ සීතල ආහාර ගන්නා විට දත් හිරි වැටීමකට මුහුණ පාන්නට සිදු වෙනවා. එවිට ආහාරයේ රස නියමාකාරයෙන් විඳින්නට හැකිවන්නේ නෑ. ඊට සරල විසඳුම් කිහිපයක් අද අපි කතා කරමු.

දත්වල එනැමලය බිඳී යාම, එනැමලය දිය වී යාම, දන්ත මූලය බාහිරට විවෘත වීම ආදී හේතු නිසා දත් හිරි වැටීම සිදු වේ. මුලදී හිරි වැටෙන අතර පසුව මෙය තදබල වේදනාවක් දක්වා වර්ධනය විය හැක.

උණුසුම් හෝ සීතල ආහාරයක් ගන්නා විට දත් හිරි වැටෙන ඔබට නිවසේදී සරලවම භාවිතා කළ හැකි දේවල් කිහිපයක් පහත දැක්වෙනවා.

බොහොමයක් දෙනාට පළමු වතාවෙන් ම ප්‍රතිඵල ලබාදෙන ප්‍රතිකර්මයක් ලෙස ලුණු වතුරෙන් කට සේදීම හඳුන්වන්නට පුලුවන්.

ලුණු වතුර ස්වභාවික විෂබීජනාශයක් ලෙස ක්‍රියා කරනවා. වේදනාව අඩු කරමින් තුවාල ඇත්නම් ඒවාට සහනය ලබා දෙන්නටත් ලුණුවතුරට හැකියි.

ලුණුවතුර මුඛ සේදුම්කාරකය හදාගන්නේ මෙහෙමයි.

ලුණුවතුර තේ හැඳි බාගයයි
උණුවතුර 200ml

හොඳින් කලවම් කර කට සෝදන්න.

කරාඹුනැටි ඉතිහාසයේ සිටම මුඛ රෝගවලට භාවිත කළ බවට සාධක තිබෙනවා. එහි අඩංගු Eugenol විෂබීජහරණයට උදව්වෙමින් හිරි වැටීම පාලනය කරන්නට උපකාරී වෙනවා. ඔබට මේ සඳහා කරාඹුනැටි තෙල් ස්වල්පයක් අවශ්‍ය වෙනවා.

තෙල්වර්ග දෙක හොඳින් කලවම් කර හිරි වැටෙන දත්වල තවරන්න.

හොඳින් කලවම් කර මුඛ සෝදනයක් ලෙස භාවිතා කරන්න.

පේරකොළවලට දන්ත සංවේදීතාවට පිළියම් කරන්නට හැකි බව ඔබ දැනසිටියාද? ක්ෂුද්‍රජීවීන් විනාශකිරීමේ හැකියාව පේර කොළවල තිබෙනවා. එමගින් දන්ත සංවේදීතාවට එරෙහි වන්නට පුලුවන්.

පේරකොළ කිහිපයක් කටේ දමා සැපීමෙන් හෝ පේර කොළ කිහිපයක් උණුවතුරේ දමා කට සේදීමෙන් ඔබට දත් හිරිවැටීම පාලනය කරගන්නට පුලුවන්.

වසර ගණනාවක් තිස්සේ සුදුලූණු කුලුබඩුවකටත් වඩා භාවිතා වෙන්නේ විවිධ ඖෂධ සඳහායි. විෂබීජ නසමින් දත් පිරිසිදු කරමින් වේදනා නැසීමේ මනා හැකියාවක් සුදුළූණුවලට තිබෙනවා.

ඔබට අමු සුදුළූණු ගෙඩියක් සැපීමෙන් මෙන්ම සුදුලූණු පේස්ට් ටිකක් අදාළ දත්වල ගෑම මගින් ද ඉක්මනින් සහනය ලබාගන්නට පුලුවන්.

වර්තමානයේ සෑම නිවසකම පාහේ වැනිලා බෝතලයක් තිබෙනවා. වැනිලාවලින් ද දන්ත සංවේදීතාවට පිළියම් කරගන්නට ඔබට පුලුවන්. වැනිලාවල ඇති ඇල්කොහොල් වේදනාව අඩු කරන්නට සමත් වෙනවා.
වැනිලා ස්වල්පයක් ගෙන දත්වල තවරන්න.

ඔබේ වේදනාව ඉතා අධික නම් එය සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. ඉතා ඉක්මනින් දන්ත වෛද්‍යවරයා හමුවී උපදෙස් පැතීම සුදුසුයි.

දන්ත සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට හොඳ ප්‍රමිතියකින් යුතු දත් බුරුසුවක් සහ දන්තාලේපයක් භාවිතා කිරීම ඉතා වැදගත්. දත්කුඩු නිතර භාවිතා කිරීමෙන් ද ඔබේ දත්වලට හානි සිදු වෙනවා. ඉහත දක්වා ඇත්තේ සරල අත් බෙහෙත් කීපයක් පමණයි. ඔබේ තත්ත්වය වඩා වේදනාකාරී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතුයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here