ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඊශ්‍රායල් කැටස් පැවසුවේ, තම රටට එල්ල විය හැකි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා එම පූර්වභංග ප්‍රහාරය එල්ල කළ බවයි.
ප්‍රහාර එල්ල කිරිමත් සමග සමස්ත ඊශ්‍රායලය පුරාම බලපැවැත්වෙන පරිදි හදිසි තත්වයක්ද ප්‍රකාශ කර තිබේ.
ඊශ්‍රායල ප්‍රහාරය සමග ඉරානයේ ටෙහෙරාන් අගනුවර ස්ථාන 03ක පිපිරීම් සිදුව ඇති බවද බීබීසි පුවත් සේවය වාර්තා කරයි.
මේ අතර ඉරානය සමග පවතින ආතතිය මධ්‍යයේ සිරියාව, කටාර් සහ බහරේනය යන රටවල පිහිටි හමුදා කඳවුරුවලින් අමෙරිකානු හමුදා ඉවත් කරගැනීමට කටයුතු කර තිබේ.
පෙබරවාරි 23 වැනිදා සිට එම කලාපවල සිටි සෙබළුන් සහ යුද්ධ උපකරණ ඉරාකයේ කුර්දිස්ථාන කලාපය වෙත මාරු කර ඇතැයිද සඳහන්.
ඒ අනුව ඉරානයට අද (28) එල්ල කළ ප්‍රහාර අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඒකාබද්ධ හමුදා මෙහෙයුමක් ලෙස ඉරානයට එල්ල කළ ප්‍රහාර සිදු කළ බව අමෙරිකානු නිලධාරියෙක් අල් ජසීරා වෙත පවසා තිබේ.
මේ අතර ඉරානයේ සිටින සිය පුරවැසියන්ට වහාම එරටින් පිටවන ලෙසට අමෙරිකාව යළි දැනුම් දී තිබේ.
ඒ ඉරානය නීති විරෝධි ලෙස පුද්ගලයන් රඳවා තබා ගන්නා රාජ්‍යයක් බවට සඳහන් කරමින්.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පැවසුවේ, සිය පුරවැසියන් සහ සෙසු විදේශිකයන් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා ගැනීමේ ක්‍රියා කලාපය හේතුවෙන් එම පියවර ගත් බවයි.
එම පියවර අනුව අමෙරිකානුවෙකුට කිසිදු හේතුවක් මත ඉරානයට සංචාරය කිරිමද තහනම් වේ.
ඉරානය විසින් දැනට නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටින සියලුම අමෙරිකානු පුරවැසියන් නිදහස් කළ යුතු අතර, පුද්ගලයන් ප්‍රාණ ඇපයට ගැනීම නතර කළ යුතුය බවද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළේය.
මේ අතර මෙම ප්‍රහාර මාලාවෙන් පසු ඉරාකය සිය ගුවන් අවකාශය වසා දමා තිබේ.
ඒ අනුව ඉරාක සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් එරට ගුවන් සීමාව හරහා සියලුම ගුවන් ගමනාගමනය නිල වශයෙන් අත්හිටුවා ඇත.
ඉරාන අගනුවර දැවැන්ත පිපිරීම් 3ක් සිදු වූ වහාම එර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන්ගමන් මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කරන බවද එම අධිකාරිය නිවේදනය කර තිබිණි.
1
Saru News













