ඊශ්‍රායලය ගුවනින් හා ගොඩබිමින් සිරියාවට දැවැන්ත ප්‍රහාරයක් දියත් කරයි

0
14


සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ පාලනය බිඳ දමා අන්තර්කාලීන ජනාධිපති අහමඩ් අල්-ෂාරා බලයට පැමිණීමත් සමඟ ඊශ්‍රායලය ගුවනින් හා ගොඩබිමින් සිරියාවට දැවැන්ත ප්‍රහාරයක් දියත් කරමින් රට අස්ථාවර කිරීමට උත්සහ කරන බව සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

සිරියාවේ දකුණු පළාතේ ඩෙරා වෙත ඊශ්‍රායලය එල්ල කරන ලද ෂෙල් වෙඩි හේතුවෙන් මේ වන විට සිවිල් වැසියන් 9 දෙනෙකු මියගොස් ඇති අතර එම ප්‍රදේශයේම ඊශ්‍රායල සොල්දාදුවන් විසින් සිදු කරන ලද භූමි ආක්‍රමණය හේතුවෙන් යටිතල පහසුකම් විනාශ කර ඇත. එරට විදේශ කටයුතු අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කර තිබුණේ, සිරියාව අස්ථාවර කිරීමට සහ එහි ජනතාවගේ දුක් වේදනා තවත් උග්‍ර කිරීමට මෙම ප්‍රහාර ඊශ්‍රායලය හිතාමතා ගත් උත්සාහයක් වශයෙනි.

කැරලිකරුවන් විසින් බෂාර් අල්-අසාද්ගේ පාලනය බිඳ දමා රටේ පාලනය භාරගත් දා සිට ඊශ්‍රායලය සිරියානු හමුදා ඉලක්කවලට එරෙහිව පුළුල් බෝම්බ හෙලීමේ මෙහෙයුමක් දියත් කළ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් දකුණු සිරියාව සම්පූර්ණයෙන්ම හමුදාකරණයෙන් නිදහස් කරන ලෙසත්, ඊශ්‍රායල භූමිය අසල නව රජයේ හමුදා සිටීම තම රජය නොපිළිගන්නා බවත් දිගින් දිගටම ප්‍රකශ කර තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here