ඉල්ලාගෙන කෑම හෙවත් බෝ නොවෙන රෝග

0
12


ඔබ දන්නා කී දෙනෙක් දියවැඩියාව, හෘද, අංශභාග, පිළිකා වැනි බෝ නොවන රෝග වලින් පිඩා විඳිනවද ? එවැනි ජිවිතයක් ඇත්තටම ඔබේ අපේක්ෂාව නොවේ නේද ?

ලංකාවේ වාර්ෂිකව වාර්තාවන පුද්ගල මරණ වලින් වැඩිම ප්‍රතිශතයක් බෝ නොවන රෝග නිසා සිදුවන බවයි වාර්තා වෙන්නේ. බෝනොවන රෝග ලෙස දියවැඩියාව, හර්දයාබාධ, අංශ භාගය, පිළිකා, අධික බර වැඩිවීම ආදිය හඳුන්වන්න
පුලුවන්.

දුම්කොළ භාවිතය, මද්‍යසාර හෝ මද්‍යසාර අඩංගු පාන භාවිතය, සෞක්‍ය නොවන ආහාර පුරුදු, ක්‍රියාශීලි නොවන ජීවිතය, මානසික ආතතිය, පරිසර දුෂණය, ඍජුවම බෝ නොවන රෝග කෙරෙහි බලපාන බව සොයාගෙන තියෙනවා. විශේෂත්වය වන්නේ මේ සියලුම සාධක මිනිසාගේ මැදිහත්වීමෙන් පාලනය කරගත හැකි සාධක වීමයි.

නමුත් ජානමය සාධක සහ වයසට යාම නිසා දුර්වල වන අවස්තාවල බෝ නොවුණත් මෙවැනි රෝග වැළඳීම පාලනය කරගත නොහැකි වෙනවා. නමුත් නිරෝගී තරුණකාලය බොහෝවිට මෙවැනි රෝග සහමුලින්ම ඔබ වෙතින් ඉවත් කරලීමේ පදනම සාදා දෙනවා.

ඒ වගේම ලෝකය පුරා වැඩියෙන්ම පැතිරෙන බෝ නොවන රෝගය දියවැඩියාව බව හඳුනා ගෙන තිබෙනවා. දියවැඩියාව කියන්නේ රුධිරයේ සිනි මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යාම නිසා ඇතිවන රෝග තත්වයක්. සාමාන්‍යයෙන් නිරෝගී අයෙකුගේ තිබිය යුතු සිනි මට්ටම 100 ට වඩා අඩු ප්‍රතිශතයක්. නිරාහාර රුධිර පරීක්ෂාවකදී සිනි මට්ටම 126 ක අගයකට වඩා වැඩි නම් එය දියවැඩියා තත්වයක් ලෙස හඳුන්වනවා.

අසාමාන්‍ය වෙහෙසකර බව, අධික බඩගින්න, කෙටි කාලයකදී බර අඩු වීම, පෙනීම බොඳ වීම, ලිංගික අප්‍රාණික බව, අතපය හිරි වැටීම, මුත්‍රා පිටකරන වාර ගණන වැඩි වීම ප්‍රධාන කොටම දියවැඩියා රෝගයෙන් පෙලෙන විට ඇතිවන තත්වයන්ගෙන් කිහිපයක් පමණයි.

ඉතින් නිරෝගී ආහාර සහ ක්‍රියාශීලි ජිවන රටාවකට සංක්‍රමණය වීම අපහසු කාර්යක් නෙවෙයි.එය ඔබ ඔබේම නිරෝගිභාවය සඳහා කරන හොඳ අනාගත ආයෝජනයක් වේවි.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here