ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානයද ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක බළකාය (IDF) මීට සුළු වේලාවකට පෙර තහවුරු කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
උතුරු ඊශ්‍රායලයේ පිපිරීම් හඬ කිහිපයක් ඇසී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ද තහවුරු කර ඇත්තේ අදාළ මිසයිල ප්‍රහාර ඉරානයේ සිට පැමිණි බව හඳුනා ගත් බවය. කෙසේ නමුත් එම ප්රහාරයන් වැළැක්වීමට කටයුතු කළ බවත් ඔවුන් පවසා තිබේ.
එමෙන්ම එරට වැසියන්ට ඊශ්‍රායල ආරක්ෂක අංශ පූර්වාරක්ෂක නියෝගය අනුව කටයුතු කරන ලෙස දැනුම්දී ඇති බවත් වගකීමෙන් යුතුව ක්‍රියා කරන ලෙසටත් මහජනතාවට උපදෙස් දී ඇති බවත් සඳහන් කරයි.
ඉරානය සහ ඇමෙරිකාව අතර උණුසුම් වාතාවරණයක් ගොඩනැගෙමින් පවතින පසුබිමක ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය.
මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් සිදු කරමින් පවසා ඇත්තේ ඉරානයට එල්ල කළ ප්‍රහාරය ඇමරිකාවද ඒකාබද්ධව සිදු කළ ප්‍රහාරයක් බවයි.
1
Saru News












