ඉරාන මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස පහත වැටේ

0
13


ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ඉරානයේ රියාල් මුදල් ඒකකය වාර්තා ගත ලෙස පහළ බැස තිබෙනවා.

ඉරානය ඊයේ (05) නිකුත් කළ විනිමය අනුපාත අනුව මේ වන විට ඩොලරයේ වටිනාකම සටහන්  වන්නේ රියාල් දසලක්ෂ හතලිස් තුන්දහසක් ලෙසයි.

ඉරානය හා ඇමෙරිකාව අතර මේ වන විට ඉහළ යමින් පවතින ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් පිළිබඳ මතභේද හමුවේ මෙලෙස රියාල් මුදල් ඒකකය තවදුරටත් ඩොලරයට සාපේක්ෂාව පහළ බැස ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

ඩොලරයට සාපේක්ෂව රියාල් මුදල් ඒකකයේ වටිනාකම මිලියනය ඉක්මවා ඇති පසුබිමක එරට මුදල් හුවමාරු කරන මධ්‍යස්ථාන වසා දමා ඇති බවද සඳහන්.

ඉරානය හා ලෝක බලවතුන් අතර පැවති න්‍යෂ්ඨික සාකච්ඡාවලින් 2018 වසරේදී ඇමෙරිකාව ඉවත් වීමත් සමග ඉරාන ආර්ථික කඩාවැටීම ආරම්භ වුණා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here