ඉරාන පාලනය ඉලක්ක කරගනිමින් ට්‍රම්ප්ගෙන් දැඩි ප්‍රකාශයක්

0
3

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍ය ගිණුම හරහා ඉරාන පාලනය ඉලක්ක කරගනිමින් දැඩි ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

“ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ නායකත්වය දැන් අවසන්,” යනුවෙන් ඔහු එහි සටහන් කර ඇත‍.

මෙම ප්‍රකාශයත් සමඟ ඔහු වොෂින්ටන් පෝස්ට් (Washington Post) පුවත්පතේ පළ වූ “ට්‍රම්ප් ධර්මවාදයේ උපත” (The birth of the Trump Doctrine) නම් ලිපිය ද උපුටා දක්වා  තිබේ.

ඉරාන බලධාරීන් අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කරන බවට ජනාධිපතිවරයා සටහන් කර ඇත්තේ මෙසේයි,

They want to talk. I said “Too Late!”

“ඔවුන්ට සාකච්ඡා කිරීමට අවශ්‍යයි. ‘දැන් ප්‍රමාද වැඩියි!’ යනුවෙනි.

කලාපීය ගැටුම් උත්සන්න වී ඇති පසුබිමක ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය මඟින් පෙන්නුම් කරන්නේ ඉරානය සම්බන්ධයෙන් ඔහු දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here