ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට – Saru News | සිංහල

0
4

අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මිය ගොස් ඇති බව එරට රජයේ රූපවාහිනී සේවය මීට ස්වල්ප මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව අද (29) සිට ඉදිරි දින 40ක කාලයක් ශෝක කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑනා සහ මුණුබුරාද මිය ගිය බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් පසු, ටෙහෙරාන් නුවර පිහිටි ඉරාන උත්තරීතර නායකයාගේ නිල නිවාස සංකීර්ණයට සිදු ව ඇති දැඩි හානිය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප මේ වනවිට නිකුත් වී තිබේ.


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here