ඉන්ධන QR පද්ධතියේ ගැටලු සහ නව විසඳුම් ඇමති බිමල් පහදයි!

0
3

රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ ජාතික ඉන්ධන බලපත්‍ර (QR) පද්ධතියේ පවතින ගැටලු විසඳීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් සිදු කළේය.

එහිදී, පැරණි වාහන දත්ත සහ නව දුරකථන අංක සම්බන්ධ කිරීමේදී ඇති වූ තාක්ෂණික බාධා හෙට (20) දිනය වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර ඇත.

පද්ධතියේ ලියාපදිංචි වී ඇති ප්‍රමාණය ලක්ෂ 55ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අනවශ්‍ය තදබදය පාලනය කිරීමට ඔත්තේ ඉරට්ටේ ක්‍රමය හඳුන්වා දී තිබේ.

අංක තහඩු නොමැති වාහන හිමියන්ට පවා ආදායම් බලපත්‍රය හෝ රක්ෂණ සහතිකය වැනි නිල ලේඛන භාවිතයෙන් ඉන්ධන ලබාගත හැකි බවත් මෙම නව වැඩපිළිවෙළ හරහා අසීමිත ඉන්ධන පරිභෝජනය පාලනය කිරීමට සහ වංචනික ක්‍රියා වැළැක්වීමට බලධාරීන් අපේක්ෂා කරයි.

පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා පැරණි දත්ත මකා දැමීම හේතුවෙන් මෙම තාවකාලික ප්‍රමාදයන් සිදු වූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,

“සමහර ෂෙඩ් තියෙනවා සාමාන්‍ය අලෙවිය වගේ දෙකහමාර ගුණයක් අලෙවි කරනවා. එච්චර පහසුකම් නෑ ෂෙඩ්වලට ගබඩා කරන්නත් එච්චර පහසුකම් නෑ තෙල් බවුසර්වලට ගෙනිහින් දෙන්නත් ඒ අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කරුණාකරලා තමන් විසින් පීඩාවට පත්වෙන්න එපා. දැන් මේ QR කේතය ආවට පස්සේ මම හිතනවා, මේ ප්‍රශ්නය හෙට උදේ ඉඳලා සම්පූර්ණයෙන් විසඳෙයි කියලා.

අපි ඔත්තේ ඉරට්ටේ ක්‍රමය හඳුන්වා දුන්නෙත් මේ අනවශ්‍ය පීඩනය නිසා. එහෙම නැත්නම් QR එකට මේක මැනේජ් කරන්න පුළුවන්. ඔත්තේ ඉරට්ටේ දෙද්දි නම්බර් ප්ලේට් නිකුත් කරපු වාහන ප්‍රමාණයක් තියෙනවා ටෙන්ඩර් මඟඩි නිසා කලින් කාලවල වෙච්චි. නම්බර් ප්ලේට් නැති අයට තෙල් ගහගහන්න කිසිම ප්‍රශ්නයක් නෑ. ඔවුන් සතුව තියෙනවා වාහනයේ ආදායම් බලපත්‍රය, දුම් සහතිකය, වාහනයේ පොත සහ ඉන්ෂුවරන්ස් එක. මේ 4ම තියෙනවා වාහනේ අංකය. මේ හතරම උස්සන් යන්න ඔ්නේ නෑ. ඒ එකක් තිබුණහම තෙල් ගහගන්න පුළුවන්. හෙටින් පස්සේ මේක සාමාන්‍ය තත්ත්වයට ආවට පස්සේ, වංචනික කටයුතු කරන අය ගැන කටයුතු කරාවී අදාළ අමාත්‍යාංශය.”

The post ඉන්ධන QR පද්ධතියේ ගැටලු සහ නව විසඳුම් ඇමති බිමල් පහදයි! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here