ඉන්ධන QR කේතය යාවත්කාලීන කිරීමේ නව ක්‍රමවේදයක්!

0
3

රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ LNW :

පැරණි දුරකථන අංක මගින් ලියාපදිංචි කළ ඉන්ධන QR කේත නැවත ලබා ගැනීමේදී මහජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

මෙහිදී වාහනයේ ලියාපදිංචි අංකය සහ චැසි අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන්, පද්ධතියේ පවතින පැරණි ගිණුම අවලංගු කර නව දුරකථන අංකයක් යටතේ ලියාපදිංචි වීමට අවස්ථාව සැලසේ.

විශේෂයෙන්ම ‘Override’ විකල්පය භාවිත කරමින් කලින් තිබූ ගිණුම් දත්ත ඉවත් කර නව ගිණුමක් වහාම සක්‍රීය කරගත හැකිය.

මෙමගින් අයිතිය තහවුරු කළ හැකි නියමිත හිමිකරුවන්ට කිසිදු බාධාවකින් තොරව තම වාහනයට අදාළ කේතය ලබා ගැනීමට පහසුකම් සලසා දී තිබේ.

කෙසේ වෙතත්, තමාට නීත්‍යනුකුල අයිතියක් නොමැති වාහනයක දත්ත මෙලෙස වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව බලධාරීන් අවධාරණය කරයි.

මෙම නව පද්ධති යාවත්කාලීන කිරීම හරහා ඉන්ධන ලබාගැනීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් සහ පහසු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

The post ඉන්ධන QR කේතය යාවත්කාලීන කිරීමේ නව ක්‍රමවේදයක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here