“ඉන්දුස්” ජල ගිවිසුම කඩ කළහොත් ප්‍රහාර එල්ල කරන බවට පකිස්තානයෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීම්

0
3


“ඉන්දුස්” ජල ගිවිසුම උල්ලංඝනය කරමින් ඉන්දුස් ගඟෙහි සිදු කරන ඕනෑම ආකාරයේ ඉදිකිරීමකට එරෙහිව ප්‍රහාර දියත් කිරීමට සුදානම් බව පකිස්තානය පවසනවා. 

පකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් අනතුරු අඟවමින් සඳහන් කර ඇත්තේ, එම ගිවිසුම උල්ලංඝනය කරමින් ඉන්දියාව ඉන්දුස් ගංගාව ආශ්‍රිතව කිසියම් ව්‍යුහයක් ඉදිකරන්නේ නම් එය ඉන්දියානු ආක්‍රමණයක් ලෙස සලකා කටයුතු කරන බවයි. 

ඒ අනුව ඉන්දියාවට එම ගිවිසුම උල්ලංඝන කිරීම පහසු නොවන බවයි පකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ.

පසුගිය 22 වනදා පෙහෙල්ගාම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගිය අතර ඒ හේතුවෙන් ඉන්දියාව හා පකිස්තානය අතර ගැටුම් උත්සන්න වුණා. 

ඒ අනුව දෙරට අතර ජලය බෙදා ගැනීම පාලනය කරන 1960 වසරේ ගිවිසුම් ගත වු “ඉන්දුස්” ජල ගිවිසුම අත්හිටුවීමට පියවර ගත් බවයි ඉන්දියාව නිවේදනය කළේ. 

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ද පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට සහ ඔවුන්ට අනුග්‍රහය දැක්වූවන්ට දඬුවම් කරන බවටද ප්‍රතිඥා ලබා දුන්නා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here