පාකිස්ථානය සමඟ පවතින තත්ත්වය උග්‍ර කිරීමට ඉන්දියාවට අදහසක් නොමැති නමුත් එල්ලවන ඕනෑම මිලිටරි ප්‍රහාරයකට ඉතා දැඩි ප්‍රතිචාර දක්වන බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් පවසනවා.
ඉන්දීය – ඉරාන මිත්‍රත්ව ගිවිසුමේ 75 වන සංවත්සර සමරමින් දිල්ලි නුවර පැවති උත්සවයකදී ඔහු මේ බව පවසා තිබෙනවා.
ඉරාන විදේශ අමාත්‍යවරයා ද මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා ඉන්දියාවට පැමිණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර පාකිස්ථානය යොමුකල ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාර නිෂ්ක්‍රිය කළ බව ඉන්දියාව ප්‍රකාශ කර තිබෙනවා.
උතුරු සහ බටහිර ප්‍රදේශ ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රහාර එලෙස ව්‍යාර්ථ කළ බවයි ඉන්දියාව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර ඉන්දීය ඩ්‍රෝන යානා 25ක් බිඳ හෙලූ බව පාකිස්ථානය පවසා තිබෙනවා.
මීට පෙර පකිස්ථානය පවසා තිබුණේ ඉන්දීය ඩ්‍රෝන යානා 12ක් සිය හමුදා විසින් බිම දමා ඇති බවයි.
Saru FM Media