ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අගමැති නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මස 04 සිට 06 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන බවය.
මෙම සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්විපාර්ශ්වි සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරට රැඳීසිටින කාලය තුළදී අගමැති නරේන්ද්‍ර මෝදි අනුරාධපුර ජය ග්‍රී මහා බෝධීන් වහන්නේ වැඳපුදා ගැනීමට සහ ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට නියමිත බව සඳහන් වේ.
එමෙන්ම මෙම සංචාරය තුළදී දෙරට අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීමටද නියමිතය.
ඉන්දීය අගමැති සමග මෙම සංචාරය සඳහා ඉන්දීය විදේශ ඇමති, ජාතික ආරක්ෂක උපදේශක, ඉන්දීය විදේශ ලේකම් සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගීවීමට නියමිත බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
Saru FM Media