ඉන්දීය අගමැති උපන් ගුජරාටයෙන් හමුවූ සර්වඥ ධාතු ලංකාවේ ප්‍රදර්ශනයට අවස්ථාවක්

0
17


තමන් උපන් ගුජරාට් ප්‍රදේශයේ 60 දශකයේදී සිදු කරන ලද කැණීම් වලින් සොයා ගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට අවස්ථාව සලසා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා පවසනවා.

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් අනුරාධපුරයේදී හමු වූ අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එම ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

බුද්ධගයාව අධ්‍යාත්මික නගරයක් ලෙස සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස අටමස්ථානාධිපති හිමියන් විසින් කළ ඉල්ලීම කෙරෙහිද අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සාකච්ඡා කර එහි ඉදිරි පියවර ගන්නා බවයි සඳහන් කළේ.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here