ඉන්දියාවේ පතලක පිපිරීමකින් 18ක් මරුට

0
3

ගිණිකොනදිග ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ, නීතිවිරෝධී ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින් පතල්කරුවෝ 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 

තවත් පතල්කරුවන් කිහිප දෙනකු අතුරුදන් බව ද පැවැසෙයි.

මේ පිපිරීම සිදුව ඇත්තේ නැගෙනහිර මේගාලයේ ජයින්ටියා කඳුකර දිස්ත්‍රික්කයේය. 

මේඝාල පොලිස් අධිකාරී විකාශ් කුමාර් මාධ්‍ය වෙත පවසා ඇත්තේ පතල් සේවකයන් 18 දෙනාගෙන් 16 දෙනකුගේ සිරුරු හමුවුණු බවය.

මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මුදාගැනීමේ කටයුතු සඳහා ප්‍රාන්තයේ හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ බලකායේ සහාය ඉල්ලා ඇති නමුත්, එම කණ්ඩායම් පතල පිහිටි ස්ථානයට පැමිණ නැතැයි ද පැවසේ.

ගල් අගුරු පතලේ පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here