සටහන: සශිකලා මධුෂාණි
මැයි 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මාස ගණනාවක් තිස්සේ පැවති නොසන්සුන්තවන්ගෙන් අනතුරුව අසල්වැසි ඉන්දියාව සහ බංග්ලාදේශය මෑතකදී එකිනෙකාට එරෙහිව වෙළඳ සීමාවන් පනවා තිබේ.
මෙත් සමඟ දෙපාර්ශවය ව්‍යාපාර විසින් සිදුවිය හැකි බලපෑම් සඳහා සූදානම් වෙමින් සිටියි.
පසුගිය මාසයේදී ඉන්දියාව විසින් අධික තබදයක් පවතින බව පවසමින් බංග්ලාදේශයට ඉන්දියානු වරාය සහ ගුවන්තොටුපළ හරහා ප්‍රතිනැව්ගත කිරීමේ පහසුකම හදිසියේම නැවැත්වීමෙන් දින කිහිපයකට පසු බංග්ලාදේශයද දේශීය කර්මාන්ත නගා සිටුවීමේ පදනම් මත ඉන්දියාවට කපු නුල් ආනයනය නවතා දමන ලදී.
චීනයෙන් පසු ලොව දෙවන විශාලතම ඇඟලුම් අපනයනකරු වන බංග්ලාදේශය, පසුගිය වසරේ ඩොලර් බිලියන 38 ක ඇඳුම් නැව්ගත කර ඇත. මෙයින් ඩොලර් බිලියන 1 කට වඩා ඉන්දියාවේ ගොඩබිම්-ගුවන් මාර්ගය හරහා ගමන් කර ඇත.
බංග්ලාදේශයේ අන්තර්කාලින ආණ්ඩුවේ නායක මොහොමඩ් යුනුස් විසින් පසුගියදා කරන ලද චීන සංචාරයකදී චීනය සාගරයේ එකම ආරක්ෂකයා වශයෙන් හඳුන්වා තිබු අතර එය දිල්ලියේ කෝපයට හේතු වී ඇත. ඉන්දියාව මෙය හඳුන්වන්නේ කලාපයේ උපායමාර්ගික අවදානම ඇතිවිය හැකි බවයි.
මහජන හැඟීම් සහ අනාගත සබඳතා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිරිහීම දෙරටේම මහජන හැඟීම් කෙරෙහි ද බලපා ඇත. බංග්ලාදේශයේ, දැඩි කරන ලද ඉන්දියානු වීසා රෙගුලාසි සම්බන්ධයෙන් කෝපයක් වර්ධනය වෙමින් පවතියි.
2024 වසරේ අගෝස්තු මාසයේදී දැවැන්ත විරෝධතාවලින් පසු හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අගෝස්තු මාසයේදී නෙරපා හැරීමෙන් පසු රටවල් අතර සබඳතා පළුදු වී ඇත. අවස්ථා ගණනාවකදී බංග්ලාදේශය මුදල් විශුද්ධිකරණය සහ දූෂණ චෝදනාවලට මුහුණ දීම සඳහා හසීනා පිටුවහල් කරන ලෙස ඉල්ලා තිබුමුත් ඉන්දියාව අදහස් දක්වා නොමැත.
Saru FM Media