ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයට

0
3

ජේකොබ් බෙතෙල්ගේ අනපේක්ෂිත ප්‍රහාරය අවසන් මොහොතේ නවත්වාගත් ඉන්දීය කණ්ඩායම, එංගලන්තය ලකුණු 7කින් පරාජය කර මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා සුදුසුකම් ලබාගැනීමට අද (5) රාත්‍රියේ සමත් විය.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ඉන්දියාවෙන් හිමිවූ ලකුණු 254ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 7කට ලකුණු 246ක් රැස්කළේය.

එහිදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ ජේකොබ් බෙතෙල් පන්දු 48කට පමණක් මුහුණදෙමින් ලකුණු 105ක් රැස්කරගෙන සිටියදී දුවද්දී දැවීයාමකට ලක්විය.

ඒ වනවිට ඔහු හයේ පහර 7ක් හා හතරේ පහර 8ක් එල්ලකර තිබුණි.

ඉන්දියාව ලැබූ ජයත් සමග ඔවුන් අඛණ්ඩව දෙවන වරටටත් විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

මෙලෙස අඛණ්ඩ අවස්ථා දෙකකදී විස්සයි20 ලෝක කුසලාන අවසන් සටනට සුදුසුකම් ලැබූ තෙවන රට ඉන්දියාව වන අතර, මීට පෙර එම දස්කම දක්වා ඇත්තේද ආසියානු රටවල් දෙකක් වන පාකිස්තානය (2007, 2009) හා ශ්‍රී ලංකාව (2012, 2014)යි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here